ෂැන්ග්‍රි-ලා ඉඩම් ගනුදෙනුවේ සුරිට්ටුව එළියට!

හිටපු ජනපති මහින්ද රාජපක්ෂට එරෙහි පැමිණිල්ල විමර්ශනය කිරීමට කොමිසම තීරණය කරයි!

හමුදා මූලස්ථානය පිහිටි අතිශය වටිනා ඉඩම ෂැන්ග්‍රි-ලා (Shangri-La) හෝටල් සමූහය වෙත පැවරීමේදී සිදු වූවා යැයි කියන ඇමරිකානු ඩොලර් මිලියන 05ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 100ක) මහා පරිමාණ අල්ලස් ලබාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශේෂ මූලික විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත.  

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 41 වන වගන්තියට අනුව මෙම විමර්ශනය සිදුකරන බව අල්ලස් කොමිසමේ පැමිණිලි කළමනාකරණ අධ්‍යක්ෂ ඒ.බී.ඒ. රොෂාන් අමරසිංහ මහතා විසින් ලිඛිතව තහවුරු කර තිබේ.  

චෝදනාවේ පදනම සහ රහස් හෙළිදරව්ව‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතා විසින් මාධ්‍ය හමුවේ කළ අනාවරණයන් මෙම පැමිණිල්ලට පදනම් වී ඇත.උක්ත ඉඩම් ගනුදෙනුවේදී සිංගප්පූරුවේ චිදම්බරම් නැමැති පුද්ගලයෙකු විසින් අත්සන් කරන ලද විශේෂ දිව්රුම් ප්‍රකාශයක් මගින් මෙම ඩොලර් මිලියන 05ක අල්ලස් මුදල ගෙවීම තහවුරු කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.  

මුදල් විශුද්ධිකරණය සහ ආයෝජනඑම පැමිණිල්ලට අනුව අදාළ මහා පරිමාණ මුදල් ගනුදෙනුව සිදුවී ඇති ආකාරය මෙසේය.

මධ්‍යස්ථ සමාගම් , T.P.L. ඉත්මා සමාගම සහ ‘හෙලියාට්’ (Heliart) නැමැති උපදේශන සේවා සමාගම හරහා මෙම මුදල් හුවමාරුව සිදුව තිබේ.  

LOLC ආයතනය හරහා මෙම මුදල් ශ්‍රී ලංකාවට ගෙනවිත් සාර්ථකව මුදල් විශුද්ධිකරණය (Money Laundering) කර ඇති බව කියැවේ.  

අදාළ අල්ලස් මුදල් යොදවා තංගල්ල ප්‍රදේශයෙන් සුඛෝපභෝගී හෝටලයක් මිලදී ගෙන ඇති අතර, CSN (Carlton Sports Network) මාධ්‍ය ජාලය වෙත ද මුදල් සම්ප්‍රේෂණය කර ඇති බව අනාවරණය වී ඇත.  

විමර්ශන තීන්දුවඅදාළ දිව්රුම් ප්‍රකාශකරු ඕනෑම අධිකරණයක සාක්ෂි දීමට සූදානම් බවත්, ඊමේල් (E-mail) පණිවිඩ සහ ලේඛනමය සාක්ෂි රැසක් පවතින බවත් සචින් වාස් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.  

මේ පිළිබඳව සලකා බැලූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (AC/1810/2026 යොමු අංකය යටතේ) අදාළ පාර්ශ්ව කැඳවා ප්‍රකාශ සටහන් කරගනිමින් පූර්ණ විමර්ශනයක් ඇරඹීමට තීරණය කර ඇත.

Share.
Leave A Reply