රටේ ජනතාවගේ දෛනික මාළු පරිභෝජනය සඳහා විදේශයෙන් ගෙන්වන මත්ස්‍ය නිෂ්පාදන ප්‍රමාණය වසරින් වසර විශාල මට්ටමක පවතින බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.
2020 දී මෙරටට මත්ස්‍ය හා මත්ස්‍ය නිෂ්පාදන මෙට්‍රික් ටොන් 85,809ක් ආනයනය කර ඇති අතර එහි වටිනාකම රුපියල් බිලියන 35.5කට ආසන්නය. 2021 දී එය ටොන් 56,176ක් දක්වා අඩුවී තිබේ.
2022 දී ආනයනය තවත් පහළ ගොස් ටොන් 41,737ක් වූ නමුත් 2023 දී ටොන් 48,808ක්, 2024 දී ටොන් 58,351ක් සහ 2025 දී ටොන් 62,724ක් දක්වා යළි ඉහළ ගොස් තිබේ.
2020–2025 වසර හය තුළ පමණක් එකතුව ටොන් 353,605ක් පමණ විදේශයෙන් ගෙන්වා ඇත.
ඒ අතර කරවල, හාල්මැස්සන්, උම්බලකඩ, ටින් මාළු සහ ආහාරයට ගන්නා වෙනත් මාළු විශාල ප්‍රමාණයක් ඇතුළත් වේ.
දේශීය මුහුද මත්ස්‍ය සම්පතෙන් පොහොසත් වුවද, ජනතාවගේ මාළු පිඟානට විදේශීය මාළු පැමිණීමේ ප්‍රවණතාවය යළිත් ඉහළ යමින් තිබේ.
රටම අන්ඳයි ද , අන්ඳද ?
ලංකාවේ ජනතාවගේ අන්ධභාව හා දෘෂ්ටි දුර්වලතා නවතම සමීක්ෂණය අනුව, වයස අවුරුදු 40ට වැඩි ජනගහනයෙන් සියයට 1.7 ක් අන්ධභාවයෙන් පෙළෙන අතර සියයට 15.4 කට දෘෂ්ටි දුර්වලතාවක් තිබූ බව වාර්තා වී ඇති බවත් එම සමීක්ෂණයට පුද්ගලයන් 6,800ක් ඇතුළත් කර තිබූ අතර, දිවයිනේ පළාත් 9ම ආවරණය කර තිබුණු බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO),අන්ධභාවය වැළැක්වීමේ ජාත්‍යන්තර ඒජන්සිය (IAPB),ජාත්‍යන්තර අක්ෂි සෞඛ්‍ය මධ්‍යස්ථානය (ICEH),එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF), ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය යන ආයතන 2026 නිකුත් කළ නිල දත්ත මූලාශ්රවල දැක්වේ.
තවද ප්‍රතිකාර නොලැබූ දෘෂ්ටි දුර්වලතා හෝ අන්ධභාවය ඇති පුද්ගලයන්ගෙන් සියයට 90 ක් අඩු හා මධ්‍යම ආදායම් රටවල ජීවත් වෙති.
ලංකාවේ අන්ධභාවයට ප්‍රධානම හේතුවක් වන්නේ ඇසේ සුද (Cataract) ය. ජාතික දත්ත අනුව අන්ධභාවයෙන් ආසන්න වශයෙන් සියයට 66.7 ක් ඇසේ සුද නිසා ඇති වී තිබේ. දෘෂ්ටි දුර්වලතාව සඳහා නිවැරදි නොකළ වර්තන දෝෂ ද ප්‍රධාන හේතුවකි.
මිනිසුනට ඇස් දෙක තිබුණත් ලෝකයේ බිලියන 1කට පෙනීම අහිමි වෙමින් පවතින බවත් ලෝකයේ බිලියන 2.2කට වැඩි පිරිසකට දෘෂ්ටි දුර්වලතා ඇති බවත් බිලියන 1කට වළක්වාගත හැකි හෝ තවමත් ප්‍රතිකාර නොලැබූ පෙනීමේ ගැටලු ඇති බව නිල දත්ත මූලාශ්රවල දැක්වේ.
අවශ්‍ය පුද්ගලයන්ගෙන් තුනෙන් දෙදෙනෙකුට අඩු ආදායම් රටවලදී අවශ්‍ය කණ්ණාඩි ලබාගැනීමට නොහැකි බව දත්ත පෙන්වා දෙයි. එමෙන්ම ඇසේ සුද සඳහා ශල්‍යකර්ම අවශ්‍ය ලෝක ජනගහනයෙන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට තවමත් එම ශල්‍යකර්මයට ප්‍රවේශය නොමැත.
ලෝකයට මේ අර්බුදයේ ආර්ථික මිලද විශාලය. ප්‍රතිකාර නොලැබූ දෘෂ්ටි දුර්වලතා හේතුවෙන් ලෝකයේ වාර්ෂික ඵලදායිතා අහිමිවීම ඇමෙරිකානු ඩොලර් බිලියන 411ක් පමණ ලෙස දැත්ත ඇස්තමේන්තු කරයි.
ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2025 කාර්යසාධන වාර්තාව අනුව, ශ්‍රී ලංකාව සඳහා ජාතික අක්ෂි සෞඛ්‍ය උපායමාර්ගික සැලැස්මක් සකස් කර අවසන් කර තිබේ. එමෙන්ම වර්තන දෝෂ සඳහා සේවා ශක්තිමත් කිරීම වෙනුවෙන් ආණ්ඩුව 2030 වැඩසටහන යටතේ ද කටයුතු ආරම්භ කර ඇත.
ලෝකයේ ගැහැණු ළමයින් 5 දෙනකුගෙන් එක් අයෙක් ළමා විවාහයට!
ලෝකයේ කාන්තාවන් හා ගැහැණු ළමයින් මිලියන 650ක් පමණ වයස අවුරුදු 18ට පෙර විවාහ වී ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) පෙන්වා දෙයි.
සෑම වසරකම තවත් මිලියන 12කට වැඩි ගැහැණු ළමයින් ළමා වියේදීම විවාහයට ඇතුළත් වන අතර, එය සාමාන්‍යයෙන් සෑම තත්පර 3කටම එක් ගැහැණු ළමයෙකුට සමාන වේ.
ශ්‍රී ලංකාවේ අවසන් ලබාගත හැකි UNICEF දත්ත අනුව වයස අවුරුදු 20–24 අතර කාන්තාවන්ගෙන් 10%ක් වයස 18ට පෙර විවාහ වී හෝ සම්බන්ධතාවයකට ඇතුළත්ව තිබූ බව වාර්තා වේ.
ළමා විවාහය අධ්‍යාපනය අහිමිවීම, ඉක්මන් ගැබ්ගැනීම්, සෞඛ්‍ය අවදානම් සහ ආදායම් අවස්ථා අහිමිවීම හරහා පරම්පරාගත දරිද්‍රතාව පිළිබඳව මෙම දත්වලින් සටහන් කර තිබේ.
UNICEF අවධාරණය කරන්නේ ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය, ආරක්ෂාව, සෞඛ්‍යය හා අයිතිවාසිකම් සඳහා ආයෝජනය කිරීම ළමා විවාහ අවසන් කිරීමේ ප්‍රධාන මාර්ගයක් බවයි.
ලෝකයේ බිලියන 1.7කට නිවසේ අත් සෝදන්න පහසුකම් නැහැ!
ලෝකයේ ජනතාවගෙන් බිලියන 1.7කට නිවසේදී මූලික අත් සනීපාරක්ෂක පහසුකම් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වා දෙයි. එයින් මිලියන 611කට කිසිදු අත් සේදීමේ පහසුකමක් නොමැත.
නිසි අත් සනීපාරක්ෂාව මඟින් පාචනය සියයට 30 කින් සහ උග්‍ර ශ්වසන ආසාදන සියයට 17 කින් අඩු කළ හැකි බව WHO සඳහන් කරයි.
එබැවින් අත් සේදීම පුද්ගලික පුරුද්දක් පමණක් නොව ජාතික මහජන සෞඛ්‍ය ආයෝජනයක් බවට පත්ව තිබේ.
පාසල්වලද තත්ත්වය බරපතළය බවද දත්ත සටහනේ දැක්වේ.මේ අනුව ලෝකයේ පාසල් දරුවන් මිලියන සිය ගණනකට සබන් හා ජලය සහිත මූලික පහසුකම් නොමැත.
ශ්‍රී ලංකාවේද පාසල්, රෝහල්, ආහාර අලෙවිසැල්, පොදු ස්ථාන සහ රාජ්‍ය ආයතනවල ජලය + සබන් + පහසුකම් + නඩත්තුව අනිවාර්ය කිරීම රෝග වැළැක්වීමේ සරලම ආයෝජනයක් වනු ඇති බවද සටහන්වලදැක්වේ. .
ඒ් අනුව මෙම සංවිධාන පවසන්නේ පිරිසිදු අත් සෞඛ්‍ය සම්පන්න සමාජයක මූලික ආරක්ෂාවක් බවයි.

