ලෝකයේ වසරකට සාමාන්‍යයෙන් මිලියන 100කට ආසන්න ජනතාවක් ආපදාවලින් බලපෑමට ලක්වන බව ආපදා අවදානම් අවම කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNDRR) පෙන්වා දෙයි.
2016–2025 කාලයේදී ආපදා හේතුවෙන් වසරකට සාමාන්‍යයෙන් 37,900 දෙනෙක් මියගොස් ඇති අතර, එම දශකයේ වාර්තා වූ සෘජු ආර්ථික හානි ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1කට වැඩිය. ආපදාවලින් බලපෑමට ලක්වන ජනගහන අනුපාතය පෙර දශකයට සාපේක්ෂව සියයට 100 කින් ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාවට බලපෑ Ditwah සුළි කුණාටුවෙන් සිදුවූ සෘජු භෞතික හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් බව ලෝක බැංකුව (World Bank) ඇස්තමේන්තු කරයි.
එය රටේ GDPයෙන් ආසන්න වශයෙන් 4%කි. ආපදාවෙන් මිලියන 2කට ආසන්න ජනතාවක් සහ පවුල් 500,000ක් බලපෑමට ලක්විය.
UNDRR පෙන්වා දෙන්නේ ආපදා සිදුවූ පසු මුදල් වැය කිරීමට වඩා ආපදාවට පෙර අවදානම අඩු කිරීමට ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය බවයි.
දෙවන පුවත
සතොසට රුපියල් මිලියන 24,000ක අලාභයක්! 422කින් ශාඛා 212ක්ම පාඩු ලබයි!
බැංකු ඕවර්ඩ්රාෆ්ට් නයට මාසෙකට මිලියන 40ක පොලියක්! ගොඩගන්න රුපියල් මිලියන 2,500ක හදිසි සැලසුමක්.
ලංකා සතොස ආයතනය මෙතෙක් පැවැති අක්‍රමවත් පාලනය හා වැරදි තීරණ හේතුවෙන් රුපියල් මිලියන 24,000ක දැවැන්ත සමුච්චිත අලාභයකට (Accumulated Loss) මුහුණ දී සිටින බවත් දිවයින පුරා පිහිටි සතොස ශාඛා 422න් ශාඛා 212ක්ම මේ වන විට දැඩි ලෙස පාඩු ලබන තත්ත්වයට පත්ව ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
සතොස ආයතනය මුහුණ දී ඇති මෙම දැවැන්ත මූල්‍ය අර්බුදය හා ඉදිරි ප්‍රතිසංස්කරණ සැලසුම් පිළිබඳව ඔහු කීය.
සතොස විසින් සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති මුළු හිඟ මුදල රුපියල් මිලියන 14,000කි. නමුත් දැනට සතොස සතුව පවතින මුළු තොගවල වටිනාකම රුපියල් මිලියන 5,600ක් පමණි.
රජයේ ප්‍රධාන බැංකු දෙකක සතොස නමින් පවතින ඕවර්ඩ්රාෆ්ට් (Overdraft) පහසුකම රුපියල් මිලියන 5,300ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එම ණය පහසුකම සඳහා පමණක් මසකට රුපියල් මිලියන 40ක දැවැන්ත පොලියක් ගෙවීමට සිදුවී තිබේ.
2024 හා 2025 ගිණුම් පරික්ෂාවේදී ‘ගැලපීම් ගිණුම’ (Reconciliation Account) යටතේ රුපියල් මිලියන 1,400ක මුදලක් අතුරුදහන් වී ඇති බව අලුතින් අනාවරණය වී ඇති බව ද ඔහු කීය.
පසුගිය වසරේ පැවැති රුපියල් මිලියන 700ක පමණ අලාභය මේ වන විට මිලියන 70 දක්වා අඩු කර ගැනීමට හැකිවී ඇති අතර, මෙම වසර අවසන් වන විට ‘Break-even point’ (සමවිඡේදන ලක්ෂ්‍යය) පසුකර සතොස ආයතනය ලාභ ලබන තත්ත්වයට පත්කිරීම රජයේ ඉලක්කය වී ඇති බව ඔහු කීය.
නව ප්‍රතිසංස්කරණ සැලසුමමෙම තත්ත්වයෙන් සතොස මුදාගෙන ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීම සඳහා රුපියල් මිලියන 2,500ක කාරක ප්‍රාග්ධන (Working Capital) යෝජනාවලියක් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඉදිරිපත් කර ඇති බව වෙළඳ අමාත්‍යවරයා පැවසීය.
ඉදිරියේ දී සිදුකිරීමට නියමිත සංවර්ධන පියවර ගැන ඔහු කීය.නව ශාඛා 25ක් ඇති කරන බවත් මින් ශාඛා 11ක් සඳහා ගිවිසුම් අත්සන් කර අවසන් අතර තවත් ශාඛා 14ක් සඳහා සාකච්ඡා පැවැත්වෙන බවද කීය.
පවතින ශාඛා 100 ක් සම්පූර්ණයෙන්ම නවීකරණය කර පාරිභෝගිකයන්ට ආකර්ෂණීය වන පරිදි ප්‍රතිසංවිධානය කරන බවද කීය.මාතර සහ කුරුණෑගල ප්‍රදේශයන්හි නව තොග වෙළඳසැල් 2ක් මේ මස අගදී ආරම්භ කිරීමට නියමිත බවද ඔහු කීය.
තුනවන පුවත
විශ්ව විද්‍යාල සිසුන්ගෙන් සියයට 58 කට නවාතැන් නෑ!
සිසුන් 150,815න් නවාතැන් ලැබෙන්නේ 63,318කට පමණයි!
වෘත්තීය තාක්ෂණ සරසවියේ පිරිමි සිසුන්ට බිංදුවයි! – කේ.ඩී.යූ. එකේ 4.94%යි!
අර්බුදයට විසඳුම් ලෙස නව නිවාසාගාර 55ක්: අයවැයෙන් මිලියන 2,353ක්
සරසවි ආචාර්ය පුරප්පාඩු 2,000ක් පුරවන්න අනුමැතිය!
දිවයිනේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ දැඩි නේවාසිනාගාර හිඟයක් සහ ආචාර්ය මණ්ඩල හිඟයක් නිර්මාණය වී ඇති බවත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) යටතේ සිටින සමස්ත සිසුන් 150,815 දෙනාගෙන් නේවාසිකාගාර පහසුකම් හිමිව ඇත්තේ සිසුන් 63,318 දෙනෙකුට පමණක් බවත් ඒ අනුව සමස්ත සරසවි සිසුන්ගෙන් සියයට 58 කටම නිවාසාගාර පහසුකම් අහිමි වී ඇති අතර පහසුකම් ඇත්තේ සියයට 42 ක ප්‍රතිශතයකට පමණි.
වත්මන් රාජ්‍ය විශ්ව විද්‍යාල 22ක් සහ විශේෂ පනත් මගින් ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාල 5ක් (ශ්‍රී ලංකා භික්ෂු, බෞද්ධ හා පාලි, වෘත්තීය තාක්ෂණ, සාගර සහ ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය) පද්ධතිය තුළ ක්‍රියාත්මක වන අතර, විශේෂිත විශ්ව විද්‍යාලයන්හි නේවාසිකාගාර තත්ත්වය දැඩි අර්බුදකාරී මුහුණුවරක් ගෙන ඇත.
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්යාලලයේ සමස්ත සිසුන් 4,348න් නිවාසාගාර හිමිව ඇත්තේ සිසුන් 332කට (සියයට 7.6) පමණි. එම පහසුකම් ද හිමිව ඇත්තේ කාන්තා සිසුන්ට පමණක් වන අතර පිරිමි සිසුන්ට නිවාසාගාර පහසුකම් සියයට බිංදුවකි. (0%) කි.
ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යායේ සමස්ත සිසුන් 8,218න් නිවාසාගාර ලැබෙන්නේ 406කට (සියයට 4.94) පමණි.
ශ්‍රී ලංකා සාගර විශ්වවිද්යාලුයේ සමස්ත සිසුන් 1,516න් නිවාසාගාර හිමිව ඇත්තේ 196කට (සියයට 12.92) පමණි.
ශ්‍රී ලංකා භික්ෂු සහ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඉල්ලුම් කළ සියලුම සිසුන්ට (බෞද්ධ හා පාලි: දේශීය සියයට 80, විදේශීය සියයට 100 ) පහසුකම් සපයා ඇත.
භික්ෂු සරසවියේ සිසුන් 465ක් සහ බෞද්ධ හා පාලි සරසවියේ සිසුන් 551ක් ඉගෙනුම ලබති.
අර්බුදයට විසඳුම් වශයෙන් අගමැති හරිණි අමරසූරය ප්‍රකාශ කරන්නේ 2026 අයවැයෙන් මිලියන 2,353ක් වෙන් කර ඇති බව ද ඇය කීවාය.
මේ අතර පවතින අර්බුදයට විසඳුම් ලෙස නව නිවාසාගාර 55ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර, එමගින් තවත් සිසුන් 16,000කට පහසුකම් සැලසීමට නියමිතය.
2026 වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 1,500ක් වෙන් කර ඇත. ප්‍රතිසංස්කරණ අනුව දැනට පවතින නේවාසිකාගාර ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 853ක් වෙන් කර ඇත.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය: නේවාසිකාගාර ප්රශ්නය සඳහා රුපියල් බිලියන 4ක් ඉල්ලා තිබුණද, මේ වන විට රුපියල් බිලියන 2.3ක ප්‍රතිපාදන සම්මත වී තිබේ.
නව ව්‍යාපෘති: සාගර විශ්ව විද්‍යාලයේ සිසුන් 1,600කට පහසුකම් සහිත නව පරිශ්‍රයක් සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර, වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පර්චස් 80ක ඉඩමක පිරිමි සිසුන් 600කට නේවාසිකාගාර සහ ආසන 300 ක ආපන ශාලාවක් සහිත බහුමහල් සංකීර්ණයක් (2027-2029) ඉදිකිරීමට යෝජිතය.
විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින දැඩි ආචාර්ය හිඟයට පිළියම් ලෙස ආචාර්යවරුන් 2,000ක් බඳවා ගැනීමට අනුමැතිය ලබාදී තිබුණද, පේරාදෙණිය ඇතුළු ඇතැම් විශ්වවිද්‍යාල ලබාදී ඇති අනුමැතියෙන් සියයට 50 ක්වත් මෙතෙක් බඳවාගෙන නොමැති බව ද අනාවරණය විය.
ලබාදී ඇති අනුමැතියෙන් අවම වශයෙන් සියයට 75 ක් බඳවා ගන්නා විශ්ව විද්‍යාල සඳහා පමණක් ඊළඟ පුරප්පාඩු පිරවීමට අනුමැතිය දෙන බව අග්‍රාමාත්‍ය හරිණි අමරසුරිය මෙහිදී අවධාරණය කළාය.
එමෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ දෙමළ මාධ්‍ය ආචාර්ය හිඟය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය.
හතරවන පුවත
සූර්ය බලයෙන් රටම එළියට: 2029 වන විට මෙගාවොට් 4,315 ක බලශක්ති ඉලක්කයක්!
ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති ජනනය ශීඝ්‍ර වර්ධනයක් අත්කර ගනිමින් පවතින බව විදුලිබල අමාත්‍යාංශය පවසයි. 2024 ට සාපේක්ෂව වහල මත සූර්ය බලය (Rooftop Solar) 181% කින් ඉහළ ගොස් 2026 අගෝස්තු වන විට මෙගාවොට් (MW) 2,542 දක්වාත්, භූමිය මත සූර්ය බලය (Ground-mounted Solar) 163.4 MW සිට 534 MW දක්වාත් වර්ධනය වී ඇත.
ඒ අනුව දැනට ජාතික පද්ධතියට එක්ව ඇති සමස්ත සූර්ය බල ධාරිතාව 3,076 MW කි.
2027–2029 කාලයේදී Rooftop මගින් 500 MW ක් සහ Ground-mounted මගින් 792 MW ක් එකතු කරමින් 2029 වන විට සමස්ත ධාරිතාව 4,315 MW දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇත.
2026 අවසානයට අදාළ අවම පිරිවැය සැලැස්මේ ඉලක්කය වූ 1,682 MW ඉක්මවා දැනටමත් 1,378 MW ක අතිරේක බලයක් පද්ධතියට එකතු කර තිබේ.
2026 අගෝස්තු 23 වන දින සූර්ය බල ජනනය ගිගාවොට් පැය (GWh) 12.38 ක් දක්වා ඉහළ ගිය අතර, Peak වේලාවේදී (උදෑසන 10:15) 1,682 MW ක් ලැබීමෙන් එදින රුපියල් මිලියන 351 ක අතිරේක ලාභයක් හිමි විය. (අගෝස්තු 03 අවම ජනනය: GWh 2.76, Peak: 774 MW).
2027 මුල් මාස 3 තුළ එල්නිනෝ බලපෑම හමුවේ රාත්‍රී කාලයේ ඇතිවිය හැකි විදුලි හිඟයට පිළියමක් ලෙස බැටරි ගබඩා පද්ධති (BESS) හඳුන්වා දේ. ඒ අනුව මෙම වසරේදී 160 MW ක්, 2027 අප්‍රේල් වන විට තවත් 540 MW ක් සහ 2029 වන විට 1,240 MW දක්වා බැටරි ධාරිතාව වර්ධනය කෙරේ.
දැනට 65% ක් වන පුනර්ජනනීය බලශක්ති සංයුතිය 70% දක්වා ඉහළ නැංවීමට නියමිත අතර, සහස්දනව්/ශෝභදනව් බලාගාර Backup ලෙස පවත්වා ගැනේ. MWh 1 ට වැඩි බැටරි සඳහා Bonded Warehouse සහන හිමිවන අතර ගෘහස්ථ බැටරි සඳහාද බදු සහන දීමට කමිටුවක් පත්කර ඇත. ADB ආධාරයෙන් අඩු ආදායම්ලාභීන්ට සහන සැලසෙන Virtual Net Metering ක්රමයද ඉදිරියේ දී ක්‍රියාත්මක වේ.

