නීල-හරිත ගම්මාන 10,000කින් සහ වැව් 35,000කින් නව ආර්ථික පුනරුදයක්!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හෝ ලෝක බැංකුව හමුවේ නටන්නේවත්, ඒවා සමඟ ගැටෙන්නේවත් නැතිව රටක් සංවර්ධනය කිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් ජනතා පාර්ලිමේන්තු කණ්ඩායමේ ලේකම් ආචාර්ය උපාලි චන්ද්‍රසිරි හෙළි කරයි.

ආහාර, ජලය, ඖෂධ සහ ඉන්ධන සුරක්ෂිතතාව තහවුරු කෙරෙන මෙම ජාතික සැලැස්ම යටතේ, වසර 15ක් මුළුල්ලේ අක්‍රියව පැවති “නීල-හරිත ගම්මාන 10,000” ව්‍යාපෘතිය වහා සක්‍රිය කිරීමට පියවර ගත යුතුව ඇත.

මෙයට සමගාමීව දිවයින පුරා වැව් 35,000ක් ප්‍රතිසංස්කරණය කිරීම සහ වසර 10ක් පුරා ලේඛනවලට සීමා වී තිබූ පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙළ වහා ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම කළ යුතු බවත් හෙතෙම කීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්දේශ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන වගන්තියට අනුකූලව දේශීය සංස්කෘතිය, අධ්‍යාපනය හා රටේ මාධ්‍ය ආයතන  යොදාගනිමින් ශ්‍රී ලංකාව තිරසාර සමාජ  ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයක් කරා ගෙන යාමට සියල්ල සූදානම් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Share.
Leave A Reply