“තෝරාගත් දත්තවලින් මහපොළොවේ යථාර්ථය වසන් කරන්න බැහැ” — විපක්ෂයෙන් රජයට ප්‍රබල ප්‍රහාරයක් “රටේ දරිද්‍රතාවය 70% දක්වා ඉහළට; ව්‍යවසායකයින් සහ පාරිභෝගිකයින් අන්ත අසරණයි” “ඩොලර් මිලියන 291 ක ප්‍රාථමික ගිණුම් හිඟයක්: සංචාරක සහ අපනයන ක්ෂේත්‍ර තවමත් ඍණ අගයක”
” ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි ඇමතිවරු මේ දක්වන දත්ත ආශ්‍රයෙන් කියන්න යන කාරණය මහ පොළොවේ යථාර්ථය නෙමෙයි. මහපොළොවේ යථාර්ථයත්, සමහර දත්ත, තෝරාගත් දත්ත මගින් මේ විශ්ලේෂණය කරන්න යන කාරණයත් අතර පරපතල වෙනසක් තිබෙනවා.
ඇත්තටම සඳහන් කළ යුතු, නැවත නැවත සඳහන් කළ යුතු දත්ත තමයි මේ අපේ ආණ්ඩු පක්ෂයට අමතක වෙන්නේ, රටේ දරිද්‍රතාවය. කිසිදා නොමැති ආකාරයකට මේ ලෝක බැංකුව කියන ආකාරයටම 65%ත් 70%ත් අතරට වර්ධනය වෙලා තියෙන බව.
ඉතින් අපි මොන අර්ථයෙන් ගත්තත්, මහපොළොවේ මිනිස්සු දුක් විඳින බව තමයි යථාර්ථය. දැන් අපේ අමාත්‍යතුමා සඳහන් කළා, ව්‍යවසායකයින්ට ණය දුන්නා, ණය ලබා දෙනවා, සමහර වෙලාවට ඇප රහිත ණය ලබා දෙනවා. නමුත් මමත් ඔවුන් සමඟ ඉතාම සමීපව වැඩ කරන කෙනෙක් හැටියට මම දන්නවා. සමහර අයට එසේ ණය ලැබී තිබෙනවා,
ඒක අපි අගය කරනවා. ඒ හොඳ කටයුතු සියල්ලම අගය කරනවා. නමුත් එම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයින්ට තමන්ගේ ව්‍යවසායකත්වය දියුණු කරගන්නට නම්, අවශ්‍ය වෙළඳපොළ නිර්මාණය කරගන්නට නම් වෙළඳපොළක් තිබිය යුතුයි.
වෙළඳපොළක් එක්කෝ අභ්‍යන්තරව තියෙන්න ඕනේ, එහෙමත් නැත්නම් රටින් පිට තියෙන්නට ඕනේ. රට ඇතුළේ වෙළඳපොළක් තිබෙන්නට නම් පාරිභෝගිකයාට ක්‍රය ශක්තිය තියෙන්න ඕනේ, buying power තියෙන්නට ඕනේ. ඒ සඳහා වෙළඳපොළ තුළ මුදල් තිබෙන්නට ඕනේ.
මුදල් සංසරණය සිද්ධ වෙන්නට ඕනේ. මුදල් බදු වශයෙන් සහ වෙනත් ගාස්තු වශයෙන්, ඒ වගේම විදුලි බිල වශයෙන්, එහෙමත් නැත්නම් ජල බිල වශයෙන්, එහෙමත් නැත්නම් ඉන්ධන වලට, මේ සියල්ලටම මේ මිනිසුන්ගේ සල්ලි ටික ඔක්කොම එකතු කරගෙන මිනිස්සු අතර සල්ලි නැති පරිසරයකට මේ ක්ෂුද්‍ර ව්‍යවසායකයා නිෂ්පාදනය කරපු දේ කාටද විකුණන්නේ?
කාටද රොටි ටික විකුණගන්නේ? රොටියක්වත් ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. එතකොට මේ කුඩා ව්‍යවසායකයා අද යමක් නිෂ්පාදනය කරලා, ඔය ව්‍යවසායකයාට වෙළඳපොළක් නැහැ. සුළු ව්‍යවසායකයාටත්, මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයාටත් මේක තමයි යථාර්ථය. ඒ වගේම අපි විදේශ වෙළඳපොළට ගිහිල්ලා මේක විකුණන්න නම්, අපි විදේශ වෙළඳපොළ තුළ තරඟකාරීත්වයක් තියෙන්නට ඕනේ.
තරඟකාරීත්වයකින් කටයුතු කිරීමට නම් අපිට ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමේ තරඟකාරී මිලක් තිබෙන්නට ඕනේ. ඒ සඳහා යන විදුලිය, ඒ සඳහා යන ඉන්ධන, ඒවට යන ඒ වියදම ඒ තරඟකාරීත්වය තුළ අඩු වෙන්නට ඕනේ. එහෙම නැහැ. ඉතින් අපි කිසිසේත්ම මේ සීන ලෝකයක ඉඳලා කතා කරලා වැඩක් නැහැ. අපේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුනි, අපේ මුලසුන හෙබවූ මන්ත්‍රීතුමියට මට කියන්න තියෙන්නේ, අපි බොහොම අවංකව මේ ආණ්ඩුවේ හරි වැරදි විශ්ලේෂණය කරමින්, විවේචනය කරමින් මේ අදහස් දක්වන විපක්ෂයක්.
විශේෂයෙන්ම අපි සර්වජන බලය හැටියට අපි ගන්න මේ උත්සාහය, රට ගොඩනගා ගනිමින් විපක්ෂයේ කටයුතු කරන්න මිසක් රට වට්ටලා විපක්ෂ දේශපාලනය කරන්න නෙවෙයි. ඔය ඉඳලා හිටලා ඇහුණට ‘මාවත් ඇතුළට දාන්න ඕනේ’ කියලා, ඇතුළට දාන්න තරම් නරක මනුස්සයෙක් නෙවෙයි. කොහොම වුණත් ඒක නම් ඔබතුමාලාගේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලයි, ඉතින් ඒකට අපිට මුහුණ දෙන්න වෙනවා.
නමුත් අපි මේ හදන්නේ රට වට්ටන්නේ නැතුව, රට රැකගෙන, ලැබෙන අවස්ථාවකදී ආණ්ඩුවක් අරගෙන ඒක ඉස්සරහට ගෙනියන්න මිසක් වට්ටන්න නෙවෙයි. ඒ අර්ථයෙන් ගත්තාම මම කියන්න කැමතියි ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අපේ ප්‍රාථමික ගිණුම, මේ ප්‍රාථමික ගිණුම අද වැටිලා තියෙනවා. ඒක අපි කතා කරන්න ඕනේ, cumulative deficit of 291 million during January to August 2026. ඩොලර් මිලියන 291 කින් මේ deficit එකක් නිර්මාණය වෙලා තියෙනවා.
මේ deficit එකක් නිර්මාණය වෙන්නේ කොහොමද? මේ deficit එක නිර්මාණය වෙන්නේ මම දිගින් දිගටම මේ සභාව තුළ කිව්වා වගේ. අපි කතා කරනවා අපිට තියෙන ප්‍රධාන ප්‍රභවයන් හතරක් මේ රටට ඩොලර් ලබා ගැනීම සඳහා; භාණ්ඩ අපනයනය, සේවා අපනයනය, සංචාරක කර්මාන්තය හා විදේශ ප්‍රේෂණ. ඒ අතරින් ගත්තාම මම දිගින් දිගටම මේ සභාව තුළ කිව්වා, මේ රටේ සංචාරක කර්මාන්තය තුළින් ශුද්ධ ඩොලර් ආදායම පවතින්නේ ඍණ අගයක බව. අදටත් තියෙනවා, අදටත් තියෙනවා.
මේකේ දරුණු බව ඔබ වටහා නොගැනීම ගැන මම කණගාටු වෙනවා. ඒ වගේම භාණ්ඩ අපනයනය තුළ, භාණ්ඩ අපනයනය නිවැරදිව විශ්ලේෂණය කළහොත් අද අපි ඉන්නේ ආසන්න වශයෙන් ශුද්ධ ඍණ අගයක. එතකොට සේවා අපනයනය, සේවා අපනයනය අද පරපතල විදිහට අභියෝගයට ලක් වෙලා තියෙනවා. ලෝකයේ තාක්ෂණිකව මේ වෙනස්වීම් එක්ක, විශේෂයෙන්ම AI තාක්ෂණයත් එක්ක අපේ මෘදුකාංග ශිල්පීන්ට අද රැකියා අවස්ථාවන් අහිමි වෙමින් පවතිනවා.
අපි කවදාවත් නිර්මාණශීලීව මේ තාරුණ්‍යය මෙහෙයවපු නැති නිසා ඔවුන්ට අද මේ අවස්ථාවන් අහිමි වෙමින් පවතිනවා ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි. ඒ වගේම නැවතත් කියන්නට ඕනේ මේ විදේශ ප්‍රේෂණ ගැනත් මේ උත්තරීතර සභාවේ. විදේශ ප්‍රේෂණ ගැන අපි උදම් අනනවා. අද අපිට 10% කින් වැඩි වෙලා තියෙනවා කියලා කියනවා, ඔව් වැඩි වෙලා තියෙනවා. විදේශ ප්‍රේෂණ වැඩි වීම හා රටේ ආර්ථිකය කඩා වැටීම එකිනෙකට සම්බන්ධයි. විදේශ ප්‍රේෂණ කියන්නේ කවුද? මේ රටේ මිනිස්සු රට අතහැරලා යනවා. වෙන රටවල් වල රක්ෂාවල් හොයනවා.
ආවස්ථික පිරිවැය, opportunity cost කියන න්‍යාය අනුව ගත්තොත්, මේ අපිට තිබුණු 71% ක් ගිහිල්ලා තියෙන්නේ මේ වාර්තා අනුවම skilled labour. කුසලතාවය සතු ශ්‍රමය, මේ ශ්‍රමය මේ රටේ අපිට අපේ ධනය නිර්මාණය කර ගැනීමට ගත හැකිව තිබුණු, ගත හැකිව තිබුණු අවස්ථාවන් පැහැර හරිමිනුයි ඔවුන් රට ගිහිල්ලා අපිට මේ ඩොලර් ටික එවන්නේ, මේ ඩොලර් ටික එවන්නේ. මම විවේචනය කරනවා නෙමෙයි.
නමුත් අපි ආර්ථික විද්‍යාවේ මේක විග්‍රහ කළොත්, මෙහිදී අපිට අහිමි වන ජාතික ධනය අඩු කිරීමෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණය තමයි ශුද්ධ ආදායම හැටියට අපිට ගන්න පුළුවන්. අද අපේ ක්ෂේත්‍ර කිහිපයක් පරපතල අභියෝගයකට මුහුණ දෙමින් සිටිනවා මානව සම්පත් සම්බන්ධයෙන්. ගොඩනැගිලි කර්මාන්තය ඇතුළුව, ඉදි කිරීම් කර්මාන්තය ඇතුළුව, ඒ වගේම තාක්ෂණික කර්මාන්ත ඇතුළුව අපේ බොහොමයක් කර්මාන්ත වලට අද අවශ්‍ය මානව ප්‍රාග්ධනය ලංකාව තුළ අහිමි වෙලා ගිහින් තියෙනවා.
ඉතින් අපි සාකච්ඡා කරන්නට නරකයි මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අපේ රට, අපේ මව්බිම මේක රැකගන්න තමයි අපි මේ ඔක්කොම මහන්සි වෙන්නේ. මේ සඳහා අපි මේ දරන උත්සාහය, අපි මේ දරන උත්සාහය, අවංක උත්සාහය කරුණාකරලා මේ ගැන ඇහුම්කන් දෙන්න. අපේ ආර්ථිකය අද වැටිලා, ඔන්න මෙන්න ඒ ආගාධයෙන් ගොඩ එන්න බැරි මට්ටමට එමින් පවතින මොහොතක, අපි මොනතරම් සුරංගනා කතා කිව්වත් මේ රටේ දහසකුත් ජනතාව අන්ත දුගී වෙලා තියෙන තත්ත්වයක් තුළ මේ සුරංගනා කතා නෙමෙයි අවශ්‍ය. මේ රටේ මිනිස්සු අපි ප්‍රේරණය කරගන්න ඕනේ. මේ රටේ නිශ්චිත, අවංක වැඩපිළිවෙලක් මිසක් කොහේ හරි පොල් කොටන් හතරක් ගහගෙන ඉරිදා, සෙනසුරාදා හන්දියක ලොකු රැස්වීමකට ගොඩක් සෙනඟ ගෙනල්ලා කෑගහන එක නෙමෙයි,
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි. ඒ වගේම මට කියන්නට ඕනේ අද සමාජය තුළ විශාල ආතතියක් නිර්මාණය වෙලා තියෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විශාල සැකයක් අපි අතර මතු වෙලා තියෙනවා. අපිට පවා බිය ගන්වන සුළු ආකාරයේ මේ ඒකාධිපති ස්වභාවයකින් තම යාන්ත්‍රණය මෙහෙයවීමට ගන්නා මේ උත්සාහය පිළිබඳව ආතතියක් නිර්මාණය වෙලා තියෙනවා.
අපි කවුරුත් විශ්වාස කරන අපේ මේ රටේ, අපේ මේ රටේ අපිට ආධ්‍යාත්මික ඒ බලපෑම ලබා දෙන බුදුදහමට අභියෝගයක් ඇති වෙමින් තව තියෙනවාය කියලා සියලු දෙනා විශ්වාස කරනවා. මේ විශ්වාසය නැති කිරීමේ වගකීම තියෙන්නේ ඔබට. අද ඥානසාර ස්වාමීන් වහන්සේ, මම එතුමාගේ වැඩපිළිවෙල අනුමත කරපු කෙනෙක් නෙමෙයි, නමුත් උන්වහන්සේ අද නැවතත් සිරගත කරලා තියෙනවා. මම කියන්න ඕනේ මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, ඒ අධිකරණ තීන්දුව, අපි ගරු කරන අධිකරණ තීන්දුවක් කිව්වාම ඒ අධිකරණ තීන්දුවේ කියලා තියෙන්නේ උන්වහන්සේව ඇතුළට දාන්න කියලා නෙමෙයි. උන්වහන්සේට නැවත සමාව ලබා දිය හැකි ආකාරය ඒ ගරු විනිසුරුවරුන්ගේ නඩු තීන්දුවෙන් පෙනී ගොස් තිබෙනවා.
මම ආයාචනය කර සිටිනවා උන්වහන්සේගේ සිවුර ගලවලා, ගිහි ඇඳුම් අන්දලා මේ සන්දර්ශන පවත්වල කවුරු සතුටු කරන්නද හදන්නේ?
මේ රටේ මිනිස්සු උන්වහන්සේගේ පැවැත්ම විවේචනය කළ මහා සංඝරත්නය සහ මිනිස්සු ඇතුළුව, අන්‍ය ආගමිකයින්, අන්‍ය ජාතීන් ඇතුළුව අද මහත් සේ කම්පාවට පත් වෙනවා. ඉතින් මේ රට මෙසේ ආතතියක් තුළ පවත්වාගෙන යන්නට කිසිම රජයකට බැහැ.
මේ රටේ මිනිස්සු සංසුන්ව තබා ගන්නට නම්, මේ මිනිස්සුන්ට සතුට ලබා දෙන්නට නම් අවංක ප්‍රයත්නයක් දරන්නට ඕනේ, බොරුවෙන් කවදාවත් මේ විදිහට මේ ආණ්ඩුව කරගෙන යන්න බැරි බව ඔබතුමියට සඳහන් කරමින් නිහඬ වෙනවා.”

