මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ සංවිධායක නීතිඥ යොහාන් ආරියවංශ මෙසේද කීය.
අපි මේ ආණ්ඩුවට චෝදනාවක් කරා හැමවෙලාවෙම කියන දේවල් කරන්නේ නැති ආණ්ඩුවක් කියලා. කලින් කියපු දේවල් කවදාවත් කරලා නෑ මේ ආණ්ඩුව කියලා ඒ චෝදනාව කරා. මම හිතන්නේ ඒ චෝදනාව 100%ක්ම නිවැරදි නෑ. මොකද මේ ආණ්ඩුව කියපු දේවල් කරා සහ කරමින් පවතිනවා. මතකද දැන් ඉන්න නියෝජ්‍ය ඇමති නලින් හේව වගේ ජනාධිපතිවරණය කාලයේ කිව්වා, අපි සතියකට සැරයක් ඔබේ ගමට ගේනවා නාට්‍යයක්, රූපක සංදර්ශනයක්, 18 සන්නියක්, තොවිලයක්, බැලියක් එහෙම කතාවක් කිව්වානේ මතකනේ. ඉතින් දැන් මේ ඒ දේ සිද්ධ වෙමින් පවතිනවා.
දැන් ඔන්න සතියකට සැරයක්, සමහර වෙලාවට සති දෙකකට සැරයක් ඔබේ ගමට එනවා තොවිලයක්, 18 සන්නියක්, බැලියක්. දැන් ඕක පටන් ගත්තා ඔන්න බේරුවලින්. බේරුවලින් පටන් ගත්තා, පොළොන්නරුවට ගියා, අනුරාධපුරයට ගියා. දැන් ඔන්න අලුත්ම එක ආවා ගම්පහට. ඊළඟ එක කොහෙද යන්නේ දන්නේ නෑ.
ඉතින් ගම්පහ රැලියේදී, එක අතකින් හොඳයි නේද, මේ මිනිස්සුන්ට අර ස්ට්‍රෙස් එක නැති කරගන්න එහෙම හට් එකකුත් ගහලා, කන්න බොන්නත් දීලා, විකට නළුවොත් ගොඩක් උඩට ඇවිල්ලා කතා කරන ගමන්ම එහෙම විකට සංදර්ශනයක් කරන එක රටේ මිනිස්සුන්ගේ ස්ට්‍රෙස් එක නැති කරගන්න එක අතකින් හොඳයි.
ඉතින් ජනාධිපතිතුමා මේ වේදිකාවේදී, ගම්පහදී අපූරු කතා ගොඩක් කිව්වා. මේ එකක් තමයි ඉතින් ගම්පහ වේදිකාවට ඇත්තටම ජනාධිපතිතුමා යන්න ඕනෙත් නෑ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුව මේ දවස්වල පැවැත්වෙනවා. මහා මණ්ඩල සැසිවාරය පැවැත්වෙනවා.
ගම්පහින් ඡන්ද ලක්ෂ හතක් ගත්ත මිනිහව UN එකට, නිව්යෝක්වලට යවලා ජනාධිපතිතුමා ඇවිල්ලා ගම්පහ රැස්වීමේදී ගිනිපෙට්ටි මාමා ගැන ගිනිකූරුවලින් බෝම්බ ගහන එකක් අර අඩියක් ගහලා පව් ඒ මනුස්සයා දෙකක් දාගෙන ඇවිල්ලා මේ අහිංසක මනුස්සයෙක්, අහිංසක කියන්නත් බෑ ඉතින් ඔහොම කතා කියනවා නම් එක අතකින්.
මේ ඉතින් ඒ මනුස්සයාගේ දැනුම් මට්ටමේ හැටියට ඒ මනුස්සයා අර ගිනිකූරු කතාවක් කිව්වා, ජනාධිපතිතුමා දැන් වේදිකා දෙකකදී ඒක කිව්වා. ඉතින් දෙයියනේ මේ මේ ලක්ෂ 58ක් විතර ඡන්දෙ දීලා, ඒ කියන්නේ රටේ 42%ක් ඡන්දෙ දීලා ජනාධිපති කෙනෙක් පත් කරගත්තේ මේ දෙකක් දාපු මිනිහෙක් පාරක කියපු කතාවක් මේ මේ තැන් තැන්වල වේදිකාවල කියන්නද? එහෙම නැත්නම් UN එකට ගිහිල්ලා රට තියෙන තැන, රටේ තත්ත්වය ගැන කියන්නද?
ඒ අතින් අර නේපාලයේ අගමැතිතුමා ගිහිල්ලා ලංකාව ගැන කතා කරනවා. ක්ලයිමෙට් චේන්ජ් (Climate Change) එක නිසා ලංකාවට වෙච්ච දේවල්, නේපාලයට වෙච්ච දේවල් නේපාල අගමැතිතුමා කතා කරනවා, ලංකාව වෙනුවෙන් කතා කරනවා. අපේ එක්කෙනා මෙහෙ ගිනිකූරු මාමා ගැන කියව කියව යනවා. ඉතින් ඔය වේදිකාවේදී ජනාධිපතිතුමා කිව්වා කළු රාජ්‍යයක් ගැන, කළු ආර්ථිකයක් ගැන, කළු රාජ්‍යයක් ගැන. ඇත්තටම අපිට ජනාධිපතිතුමාගෙන් අහන්න තියෙන්නේ ඔබතුමා හරියට බැලුවොත් කළු රාජ්‍යයේ තියෙන්නේ දැන්,
කළු ආර්ථිකයේ තියෙන්නේ දැන්. දැන් ඉස්සර තිබ්බේ කළු, දැන් තියෙන්නේ කට්ට කළු. දැන් ජනාධිපතිතුමාට කියන්න තියෙන්නේ අර මොකක්ද සින්දුවක් තියෙන්නේ, “නයන කළු, නුඹ මගේ කළු” කියලා, නයන කළු නෙමෙයි, අනුර කළු තමයි කියන්න තියෙන්නේ. දැන් ජනාධිපතිතුමාත් ටිකක් දැන් ඉස්සරට වැඩිය පොඩ්ඩක් කළු වෙලා වගේ පේනවා, එතුමා වැඩිය ස්ට්‍රෙස් එක ගන්න එපා ඔය කාලෙට.
ඉතින් ජනාධිපතිතුමා කිව්වා මේ කළු ආර්ථිකය ගැන, හොරු අල්ලනවා කිව්වා, සීමාවක් නැතුව හොරු අල්ලනවා කිව්වා. දැන් මේ ජනාධිපතිතුමා හරි ලස්සන වැඩක් කරනවා, මොකක්ද හරි බෙදුම් රේඛාවක් ගහගෙන ඉන්නවා. 2024 සැප්තැම්බර් මාසේ 21 තමයි බෙදුම් රේඛාව. ඊට කලින් ඉන්න හොරු අල්ලනවා. දැන් මේ හොරු අල්ලන්නේ නෑ.
2021ට පස්සේ හොරු නෑ. ඒ කියන්නේ 2024 සැප්තැම්බර් මාසෙන් පස්සේ හොරු ගැන වගක් නෑ, කතාවක් නෑ, අර හොරු තමයි හොරු. දැන් මෛත්‍රී භාවනාව කරනකොට වුණත් අපි ඉස්සෙල්ලම පටන් අරන් කියන්නේ මොකක්ද, “මම නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා” ඊට පස්සේ තමයි “මාගේ දෙමව්පියෝද, ගුරුවරු ගුරුවරියෝද, නෑදෑයෝද නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා” කියන්නේ. ඊට පස්සේ තමයි “මට වෛර කරන මිනිස්සු නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා” කියන්නේ.
ඉතින් එහෙම නම්, ඔය මෛත්‍රී භාවනාව කරනවා වගේ අනුර කුමාර මහත්තයාට පුළුවන් තමුන්ගේ හොරු ටික අල්ලලා, තමුන්ගේ නිවැරදි බව පෙන්වලා අනුන් ගැන හොයන්න. ඉතින් අපි ඉල්ලීමක් කරනවා ඔය 2021ට පස්සේ වෙච්ච හොරකම් ටික ඔබතුමා ඉස්සෙල්ලා මල්ලන්න. දැ
න් අර අසූචි නැවකට සල්ලි ගෙව්වා කියලා මේ ඒක ගැන ලොකුවට කතා කරා. ඇහුවා මේ ගල්අඟුරු කාලා බලන්නද බාලද නැද්ද කියලා, දැන් අසූචි කාලද ඔබතුමන්ලා ඒව මේ කිව්වේ මේ පොහොරවල මේ අසූචි තිබ්බා මේ එහෙ පොහොරවල කියලා.
හැබැයි කොහොම හරි දැන් අසූචි කතාවක් ඇදිලා ආවනේ. දැන් එහෙමනම්, අර අසූචි පොහොර නැව හෙව්වා වගේම හොයන්න මේ ගල්අඟුරු. දැන් ඒ ගල්අඟුරු කේස් එකට බලපෑමකට ලක්වෙලා ඉන්න මනුස්සයා කුමාර ජයකොඩිව එක්කරගෙනත් යනවා බලාගාරයක් විවෘත කරන්න. අර බැටරි පද්ධතියක් ස්ථාපිත කරලා ඒක විවෘත කරන්න හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගිහිල්ලා මාර වැඩේ ලංකාවට වුණේ.
ජනාධිපතිතුමා අප්පුඩි ගහනවා, හිටපු විදුලිබල ඇමති විවෘත කරනවා. යාලුවානේ පොහොර සංස්ථාවේ ඉන්නකොට පොඩි අර ටෙන්ඩර් කේස් එකකට මනුස්සයාව එළියට දැම්මා. ගම්කරු සභාවෙන් වැරදිකාරයත් කරලා තියෙනවා, දැන් අධිචෝදනත් දීලා තියෙනවා. ඇප පිට සැක පිට ඉන්න මනුස්සයෙක්. ඒ මනුස්සයාව ගෙනිහිල්ලා විවෘත කරනවා. දැන් ඒ විතරක් නෙමෙයි, අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට ගේනවා කිව්වනේ. අර්ජුන් මහේන්ද්‍රන්ව කුදලගෙන එනවා කිව්වා මාස තුනක් ඇතුළත ලංකාවට මහා බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන්. එතකොට මහා බැංකු සිද්ධිය වගේම තමයි හොයන්නකෝ අර හැකර්ලාගේ ටික.
හැකර්ලාගේ ඒ මිලියන 2.5 සිද්ධිය හොයලා, දැන් කාටවත් කියන්න එපා මුදල් ඇමති අනුර කුමාර, අමතක වුණා එයාටත් අමතක වෙනවා හිටපු ගමන්ම. හර්ෂණ සූරියප්පෙරුම මේ ගැන පරීක්ෂණයක් කරන්නකෝ. හර්ෂණ සූරියප්පෙරුම මේ දැන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමානේ, එතුමානේ ඕකේ අන්තිමට වගකියන්න ඕනේ හැකර්ලාගේ කේස් එකට. ඒවා හොයන්න! ඒවා හොයන්නේ නෑ පරණ හොරු හොයනවා.
නීතිය සැමටම එකලෙස ක්‍රියාත්මක වෙනවා කියනවා නම්, ඉස්සෙල්ලා තමුන් තමුන් පාරිශුද්ධ වෙලා ඉන්න. තමුන්ගේ පාරිශුද්ධත්වය ඔප්පු කරන්න. ඊට පස්සේ අනුන් ගැන හොයන්න. දැන් අපේ ආණ්ඩුවක් ආවොත් අපි ඉස්සෙල්ලා අපිට චෝදනාවක් ආවොත් අපි ඒක ගැන හොයන්නේ. ඊට පස්සේ තමයි අනික් කට්ටිය ගැන හොයන්නේ.
ඉතින් අපි අපේ ඇඟේ ජරාව ගාගෙන අනුන්ගේ ඇඟවල්වල ජරාව තියෙනවා කියලා කියන්න බෑනේ. ඉතින් ජනාධිපතිතුමාට අපි ඒක අවධාරණය කරනවා. දැන් මුලින්ම, හැබැයි ඒ වගේම තමයි දැන් අද මම විශේෂයෙන් කතා කරන්නයි කියලා හිතාගෙන ආවේ, මේ මතකද දැන් කන්ටේනර් සිද්ධිය? කන්ටේනර් දෙකක්, ඒ කියන්නේ කන්ටේනර් දෙකේ සිද්ධිය ඈ. කන්ටේනර් දෙකක් ඇල්ලුවා රේගුවේ, තිබිලා අයිස් වගයක් තිබිලා, ඔන්න ඔය කන්ටේනර් දෙක අත්අඩංගුවට ගත්තා.
නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහත්තයා තමයි ඒකේ මූලිකත්වය ගත්තේ. ඔන්න ඊයේ නිවුස් එකක් එනවා රන්මල් කොඩිතුවක්කු මහත්තයයි තව හයදෙනෙකුයි ස්ථාන මාරුවීමක් කරලා කියලා. මොකක්ද හේතුව? නිවුස්වල තිබ්බ හැටියට නම් මේ මේ මේ රේට් එකේදී මොනවා හරි ප්‍රශ්නයක් වෙලා, අක්‍රමිකතාවයක් වෙලා, මොකක් හරි දෝෂයක් හරි මොකක් හරි දෙයක් වෙලා එහෙම තමයි කියන්නේ. ඒක නිසා මෙන්න රන්මල් කොඩිතුවක්කු මහත්තයාවයි තව හයදෙනෙකුයි ට්‍රාන්ස්ෆර් (transfer) කරලා තියෙනවා කියලා.
හරි, දැන් මේ ආණ්ඩුවට මේ කන්ටේනර් එක්ක හරි ප්‍රශ්නයක් තියෙනවා. මොන කොහෙන් කුඩු ආවත් කමක් නෑ කන්ටේනර්වලින් එන්න හොඳ නෑ කුඩු. මොකද කන්ටේනර්වලින් කුඩු ආවොත් මේ අර කන්ටේනර් 323 මතක් වෙනවා. මුහුදෙන් ආවට කමක් නෑ කුඩු, ප්ලේන් එකෙන් ආවට කමක් නෑ කුඩු, ඇතුළට පීනගෙන කුඩු අරන් ආවට ප්‍රශ්නයක් නෑ, කන්ටේනර්වල ගේන්න හොඳ නෑ. දැන් බලන්න අර වරායේ ඔන්න කුඩු ගෙනල්ලා බෝට්ටුවලින් කුඩු ගේනවා.
එතකොට දාන සංදර්ශනය බලන්නකෝ. කුඩු ගෙනල්ලා වරායට ගෙනාපුවාම ඔන්න වරායට ගේනවා, එතකොට අර වෙරළ ආරක්ෂක නිලධාරීන් ගිහිල්ලා ඒගොල්ලෝ අරන් එනවා මේවා මේ පෝලිමට, නාවික හමුදාපතිතුමා එනවා, ඒ ටික පරීක්ෂා කරනවා, ඊට පස්සේ පොලීසියේ කට්ටියත් එනවා ඒ ටික පරීක්ෂා කරනවා, මෙහෙම ලස්සනට මේසයක් දාලා ඒ කුඩු ටික ලස්සනට පැක් කරලා තියෙනවා.
ඊට පස්සේ මේ ටික වෙලාවකින් අර කෝට් එක දාගෙන, ටයි එක දාගෙන, සන්ග්ලාස් දෙක දාගෙන මේ කවුද එන්නේ අර අපේ බංකු බංකු මහත්තයා මේ අර නැෂනල් සෙකියුරිටි (National Security)… වට් ඉස් නැෂනල් සෙකියුරිටි (What is National Security) කියපු මොකක්ද නම? මොකක්ද නම? (සභාගැබෙන්: අරුණ ජයසේකර) ආ, අරුණ ජයසේකර. නමුත්ම මතක නෑ, රටේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිගේ නම මතක නෑ.
අරුණ ජයසේකර එනවා ටික වෙලාවකින්. ආවාට පස්සේ මෙහෙම අතට අත දීලා, නාවික හමුදාපතිට අතට අත දීලා, එතන පොලිසියේ භාර නිලධාරියාට අතට අත දීලා, ඊට පස්සේ එනවා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එනවා. ඊට පස්සේ මෙහෙම අර ටෙස්ට් ටියුබ් එකක්, මේ ඔක්කොම පෙන්නනවා ටීවී එකේ ඈ. ටෙස්ට් ටියුබ් එකක් අරගෙන ඒකට අර රසායනික ද්‍රව්‍ය දාලා, අරකෙන් සාම්පලයක් දාලා මෙහෙම හොල්ලලා පාට වෙනස් වෙනකොට “මේ කුඩු” කියනවා. ඊළඟට තව එකක් දාලා “මේ අයිස්”. එහෙම සංදර්ශන දානවානේ.
හැබැයි අර කන්ටේනර් දෙක අහුවුණාට පස්සේ එහෙම සංදර්ශනයක් දැක්කද ඔබතුමන්ලා, දැක්කද? එහෙම සංදර්ශනයක් කොහේ හරි දැම්මද? නෑ, සද්දයක් නෑ! ඇයි, කන්ටේනර් දෙක අස්සේ තුවා කියලානේ ගෙනාවේ, ඒ අස්සේ කුඩු තිබ්බනේ. දැන් ඒක නිසා දැන් මේ කන්ටේනර් දෙක අල්ලපු නිලධාරීන්ව පොලිසියේ මොනවා හරි පරිපාලනමය ප්‍රශ්නයක් හරි, විමර්ශනයක් හරි නිසා ට්‍රාන්ස්ෆර් කරනවායි කියලා කියමුකෝ.
එතකොට ආණ්ඩුව හැමවෙලාවෙම මේ විදිහටද කටයුතු කරලා තියෙන්නේ? අර කන්ටේනර් 323 සම්බන්ධයෙනුත් කටයුතු කරේ මේ ආකාරයටමද? ඇයි නිලධාරියෙක්ව සාමාන්‍යයෙන් පරීක්ෂණයක් කරනකොට ඉන්ටර්ඩික්ට් (interdict) කරන්නේ, එහෙම නැත්නම් ට්‍රාන්ස්ෆර් කරන්නේ?
විමර්ශනයක් කරනකොට ඒ විමර්ශනයට අදාළ සාක්ෂිකරුවන්ට බලපෑමක් කරන්න පුළුවන් කියලා හිතෙනවා නම්, එහෙම නැත්නම් ඒ විමර්ශනයට අදාළ ලිපි ලේඛන, පරිගණක සාක්ෂි වගේ දේවල් ඒගොල්ලන්ගේ භාරයේ තියෙනවා නම් ඒවා වෙනස් කරන්න පුළුවන් නම්,
ඒවාට බලපෑමක් කරන්න පුළුවන් කියලා හිතෙනවා නම් අන්න ඒ නිලධාරීන්ව ට්‍රාන්ස්ෆර් කරලා යවනවා, එහෙම නැත්නම් ඉන්ටර්ඩික්ට් කරනවා. එතකොට දැන් මේ මේ මේ පොලිසියෙන් දැන් මේ වැඩේ කරලා තියෙනවා රන්මල් කොඩිතුවක්කු මහත්තයාට.
දැන් මේ කොඩිතුවක්කු මහත්තයාලා මේ කන්ටේනර් දෙක ඇල්ලුවේ නැත්නම් මේ කුඩු කිලෝ 450, අයිස් කිලෝ 450 හරි 500 හරි මේ වෙනකොට සමාජගත වෙලා. මේ වෙනකොට ගමේ ගොඩේ කොල්ලෝ මේ ටික මේ කුඩු ටික ගහනවා. මල් තියන්න ඕනේ රන්මල් මහත්තයාට ආණ්ඩුවෙන් ගල් ගහලා.
අර කන්ටේනර් 323 ආපුවාමත් ආණ්ඩුව මේ විදිහට කටයුතු කරාද? කන්ටේනර් 323 සිද්ධිය වුණාට පස්සේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා CID එකෙන් සීවලී අරුග්ගොඩ මහත්තයාගෙන්. මම මේ කියන්නේ නෑ මේ සීවලී අරුග්ගොඩ මහත්තයා තමයි කන්ටේනර් පැන්නුවේ හරි, සීවලී අරුග්ගොඩ මහත්තයා මේකට සම්බන්ධයි හරි කියලා මම මේ කියන්නේ නෑ. මොකද මට එහෙම කියන්න අයිතියකුත් නෑ, මොකද අපි දන්නේ නෑ තවම අධිකරණයකින් තීන්දුවක් ඇවිල්ලා, විමර්ශනයකින් තීන්දුවක් ඇවිල්ලා නෑනේ. දැන් මේකට විමර්ශනයට අදාළ කොමිසමක් පත් කරා, ඒ කොමිසම ජනාධිපතිතුමා ඒ වාර්තාව හංගගෙන ඉන්නවා. අපි කියන්නේ ඕක එළියට දාන්න. එතකොට මේ දැන් අපි මෙහෙම ප්‍රෙස් කරන්නේ නෑ,
ඕක එළියට දැම්මා නම් අපිට බලාගන්න පුළුවන්. එතකොට හෙටින් පස්සේ කන්ටේනර් 323 ගැන කතා කරන්නේ නෑ. එතකොට අරුග්ගොඩ මහත්තයාව ප්‍රශ්න කරනවා CID එකෙන් ගෙනල්ලා, නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල්. දැන් එතන පහළම මට්ටමේ නිලධාරියාගේ ඉඳන් උඩටම එනකල් ඔක්කොම වගකීමට යටත් නම්, ඒ රිලීස් කරපු නිලධාරියාගේ ඉඳන් නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් එනකල්, ඒගොල්ලන්ට වාචික සාක්ෂිවලට බලපෑම් කරන්න පුළුවන් නම්, ඒගොල්ලන්ට ලිපි ලේඛනවලට මේ බලපෑමක් කරන්න පුළුවන් නම් ඒගොල්ලන්වත් ඉන්ටර්ඩික්ට් වෙන්න එපැයි.
එහෙම ඉන්ටර්ඩික්ට් වෙන්නේ නෑ. රන්මල් කොඩිතුවක්කුලා ස්ථාන මාරුවීම් ලබනවා, මේ මේ රේගුවට සම්බන්ධ නිලධාරීන් ටික එහෙම්ම ඉන්නවා.
ඊටපස්සේ වෙන්නේ අරුග්ගොඩ මහත්තයාව නිකන් ඉන්නේ නෑ, ඔබ හිතන්නේ අරුග්ගොඩ මහත්තයා ඊටපස්සේ ගෙදර යන්න ඇති කියලාද? නෑ, අරුග්ගොඩ මහත්තයාව අධ්යක්ෂ ජෙනරාල් බවට පත් කරනවා රේගුවේ, සැප්තැම්බර් මාසේ 2024දී.
ඊටපස්සේ අරුග්ගොඩ මහත්තයා විශ්‍රාම යනවා අවුරුදු 37ක සර්විස් එකක් ඉවර කරලා. එහෙම විශ්‍රාම ගියපු මහත්තයාට විශ්‍රාම සුවයෙන් ඉන්න දෙන්නේ නෑ, අන්න ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කෙනෙක් බවට පත්කරලා මෙන්න මේ මොහොතේත් ජනාධිපති ලේකම් කාර්යාලයේ එතුමා වැඩ කරනවා. දැන් මේ වැඩේ කරලා තියෙන්නේ අපිට අහන්න තියෙන්නේ එතුමා සම්බන්ධ නැති නිසාද?
එහෙම නැත්නම් එතුමාගේ මොකක් හරි එතුමාට මේ මේ සන්තෝසමක්ද දීලා තියෙන්නේ? අපි මේ පොඩ්ඩක් මේක අහන්න කැමතියි මේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන්. මේ දැන් විශ්‍රාම ගියපු කෙනෙක්ව ගෙනල්ලා ආපහු මේවා කරන්නේ, ඒ කියන්නේ ඔය තනතුරට දාන්න වෙන නිලධාරීන් හිටියේ නැද්ද? ඕන තරම් රටේ ඉන්නවා නිලධාරීන්.
දැන් ඔන්න දැන් අපිට කියන්න බෑ මේ කන්ටේනර් දෙකයි, අපිට කියන්න බෑ මේ 323 සිද්ධියයි සිද්ධියට මෙන්න මේගොල්ලෝ සම්බන්ධයි, මෙහෙමයි මෙහෙමයි කියලා කියන්න හරි අමාරුයි. හැබැයි අපිට මේ දෙක සංසන්දනය කරන්න පුළුවන්. මම මේ කරුණු ඉදිරිපත් කරේ රටේ මහජනතාවට. කුඩු කන්ටේනර් දෙකක් අල්ලපු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් මේ ආණ්ඩුව කටයුතු කරපු ආකාරයත්, කන්ටේනර් 323ක් පරික්ෂා කරන්නේ නැතුව රේගුවෙන් නිදහස් කරපු එකත්,
ඒ දෙකේදී රජයේ කොහොමද ඒ නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙන්නේ කියන එක ඔබට සංසන්දනාත්මකව පෙන්වන්න. කොහොම හරි ඔත්තුව ආවාට පස්සේ අයිස් කන්ටේනර් දෙක ඇල්ලුවා, අල්ලලා ඒක භාරයට ගත්තා, ඒ වැඩේ එතනින් ඉවර කරා. හැබැයි ඒ වගේම තමයි ඊට වැඩිය බරපතලයි රතු ලේබල් එක ගහලා තියෙනකොට පරීක්ෂා කරන්න කියලා, ඒක පරීක්ෂා කරන්නේ නැතුව යැව්වා නැතැයි කියන්නේ එතනින්…

