යහපාලන ආණ්ඩු සමයේ ක්‍රිෂ් ගනු දෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවරා තිබූ නඩුව හිටපු FCID ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති අනිල් රවීන්ද්‍ර වෛද්‍යලංකාර විසින් ඉල්ලා අස්කර ගැනීම පිටුපස විශාල දූෂණ ක්‍රියාවලියක් පවතින බවට චෝදනා එල්ල වේ.  

අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය පෙන්වා දෙන පරිදි, ඊට අදාළ ප්‍රමාණවත් සාක්ෂි තිබියදී ක්‍රිෂ් ගොඩනැගිල්ලෙන් නිවසක් අල්ලස් ලෙස ලබාගෙන සහ විශ්‍රාම ගිය පසු ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක් ලබා දීමේ පොරොන්දුව මත මෙම නඩුව යටපත් කර ඇත.  

ඒ අනුව, මෙම බරපතල අල්ලස් හා දූෂණ ක්‍රියාව සම්බන්ධයෙන් හිටපු FCID ප්‍රධානී රවීන්ද්‍ර වෛද්‍යලංකාර ඇතුළු ඊට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව කඩිනම් පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අද දින (2026.09.29) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කිරීමට නියමිතය.

Share.
Leave A Reply