බන්ධනාගාර කුටියත් පරදන අයිස් ප්‍රේමය!

හිරගෙදර ඉන්න බිරිඳට මත්ද්‍රව්‍ය යවන්න ගිය ස්වාමියා ගාල්ලේදී මාට්ටු

සිරකුටියට කොටුවී සිටිය ද පෙම්වතිය වෙනුවෙන් ඕනෑම අවදානමක් ගැනීමට පෙම්වතුන් සූදානම් බව කියන කතාව බන්ධනාගාර තාප්පවලට අදාළ බව පෙන්වන අපූරු පුවතක් ගාල්ල බන්ධනාගාරයෙන් වාර්තා වේ.

මත්ද්‍රව්‍ය වරදකට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තම බිරිඳට තෑග්ගක් ලෙස ලබා දීමට සඟවාගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකාර ස්වාමි පුරුෂයා අද (09) බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි පරීක්ෂාව හමුවේ සොයාගෙන තිබේ.

මෙසේ මාට්ටු වී ඇත්තේ රත්ගම, පන්විල වත්ත ප්‍රදේශයේ පදිංචි පැස්කුවෙල්හංදි තරිදු දර්ශන නමැති සැකකරුය (සැක අංක 4292). මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි මොහු පරීක්ෂා කිරීමේදී, ඔහුගේ සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 100ක් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

බිරිඳට දෙන්න ගිය අයිස්  මත් ද්‍රව්‍ය  සංග්‍රහය ආදරය සුන්දරය.

නිලධාරීන් විසින් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවී ඇත්තේ, මෙම මත්ද්‍රව්‍ය ප්‍රමාණය බන්ධනාගාරයේ කාන්තා අංශයේ පසුවන සිය ආදරණීය බිරිඳ වෙත ලබාදීමට සඟවාගෙන සිටි බවයි.

ඇයද වෙනත් මත්ද්‍රව්‍ය වරදකට (හෙරොයින් ළඟ තබා ගැනීම) පසුගිය දා  රක්ෂිත බන්ධනාගාර ගතවූ දිල්කි අප්සරා (සැක අංක 4123) නමැති තැනැත්තියකි.

යකඩ අරමුණු සහ උස තාප්ප මැදින් සිය බිරිඳ වෙත මත්ද්‍රව්‍ය යැවීමට ගිය මෙම අයිස් ප්‍රේමයේ ජාවාරම බන්ධනාගාර නිලධාරීන්ගේ සූක්ෂම බුද්ධි මෙහෙයුම හමුවේ මෙසේ දියවී ගොස් ඇත.

අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ගාල්ල පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මුලස්ථාන පොලිසිය සහ බන්ධනාගාර බලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share.
Leave A Reply