ලංකාවේ තැඹිලි වගාව නව මානයකට ගෙන යමින් වාර්ෂික අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 12 දක්වා ඉහළ නැංවීමේ “Ceylon King Coconut Village” ජාතික වැඩසටහන 2026 සැප්තැම්බර් 02 දින කුරුණෑගලදී ආරම්භ වේ.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ වසර 3ක් තුළ දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් (2026දී 75ක්, 2027දී 80ක්, 2028දී 95ක්) ස්ථාපිත කෙරේ. මෙහි ප්‍රධාන ඉලක්කය වන්නේ 2030 වන විට වාර්ෂික තැඹිලි අස්වැන්න ගෙඩි මිලියන 25කින් ඉහළ නැංවීමයි.
ගොවීන් දිරිගැන්වීම වෙනුවෙන් පවතින ගසක් පුනරුත්ථාපනයට රු. 700ක සහනාධාරයක් හිමිවන අතර, රු. 750ක් වටිනා නව තැඹිලි පැළයක් රු. 150ක සහන මිලකට ලබාදේ.
මේ යටතේ පැළ 212,500ක් රෝපණය කිරීමටත්, ගස් 221,500ක් පුනරුත්ථාපනය කිරීමටත් සැලසුම් කර ඇත. තවද, තැඹිලි අක්කර 500කට ජල පහසුකම් සැලසීම සහ විධිමත් දත්ත පද්ධතියක් සකස් කිරීම හරහා පවුල් 21,250කගේ ජීවන තත්ත්වය උසස් කරමින් ග්‍රාමීය ආර්ථිකය බලගැන්වීමට නියමිතය.

