පයාගලදී “පානදුර නිලංග”ගේ මස්සිනාට වෙඩි තබා මරයි!
පයාගල, නයිමුල්ල පඹය ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී ඊයේ සිදුවූ දරුණු වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “පානදුර නිලංග” නමැත්තාගේ මස්සිනා වන “ඩිලා” නමැති අයයි.
පයාගල කොස්වත්ත පාසල අසල පිහිටි නිවසක් ඉදිරිපිටදී “3eight” (0.38) වර්ගයේ ගිනි අවියකින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත හෙවත් “කුඩු සලිඳු”ගේ පාර්ශ්වය විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට දැනට තොරතුරු වාර්තා වී තිබේ.
පාතාල කල්ලි අතර පවතින දීර්ඝ කාලීන වෛරයක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට සැක කෙරෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

