‘දිට්වා’ ආපදාවෙන් හානියට පත් කොට්ටුකච්චිය ගොවි ව්‍යාපාරයේ කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය රුපියල් මිලියන 200ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ආරම්භ විය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේ සමාරම්භයට අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ඇතුළු පිරිසක් එක් වූහ.
ගොවි ආර්ථිකය නැංවීම සඳහා අක්කරයක වී අස්වැන්න බුසල් 200 දක්වා ඉහළ නැංවීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය. වී මිලදී ගැනීම වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට රුපියල් කෝටි 2.5 බැගින් වූ පොළී රහිත ණය පහසුකම් ලබාදීමටද කටයුතු යොදා ඇත.
මීට අමතරව, බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක ආනයනය නතර කර සත්ව ආහාර සඳහා සහල් යොදාගැනීමට රජය පියවර ගෙන තිබේ.

