අතිශය දුෂ්කරතා මධ්‍යයේ වුවද පසුගිය දශක හතක කාලය තුළ ශ්‍රී ලංකාවේ ස්නායු ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රය ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ විශිෂ්ට සේවාවක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මෙරට ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාවට වසර 70ක් සපිරීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සංවිධානය කළ ‘NEUROSURG 2026’ 05 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ ප්‍රධාන අමුත්තා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විශේෂඥ සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම, පශ්චාත් උපාධි අධ්‍යාපනය නංවාලීම සහ රෝහල් යටිතල පහසුකම් නවීකරණය කිරීම රජයේ ප්‍රමුඛතාවක් බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

Share.
Leave A Reply