යුගයක රාවය – ආචාර්ය නන්දා මාලිනියන් වෙනුවෙන් පා ර් මේන්තුවේ ගෞරවාදරය!

“අපේ පරපුරට මාලිමාවක් වූ නන්දා මාලිනියන්, රටට පමණක් නොව මුළු ලෝකයටම තම ගීතයෙන් ඇමතුවාය. සමාජ විමුක්තියේ අරගලය ඇය මහපොළොවේ ජනතාව අතරට ගෙන ගියාය. යුගයක රාවය මෙන්ම ආත්මය වූයේ ඇයයි. අපට අහිමි වූයේ ඒ අසමසම ආත්මයයි. රටත් ලොවත් දිනන මාවතේ ඉදිරියටම යන්නට ඇයගේ ගීත අපට සවියක්, අවියක් මෙන්ම අස්වැසිල්ලක්ද විය…”

— ඇමැති බිමල් රත්නායක

නන්දා මාලිනියන්ගේ අභාවය වෙනුවෙන් දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව ඇමැති බිමල් රත්නායක මහතා පා ර් මේන්තුවේදී සඳහන් කළේය.

ඇයගේ අසමසම ජාතික මෙහෙවර ඇගයීමට ලක් කරමින්, පා ර් මේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් විනාඩියක නිශ්ශබ්දතාවයක් සුරකිමින් ඇයට උත්තමාචාර පුද කළහ.

අගමැති තුමිය ද  සජිත් ප්‍රේමදාස මහතා ද සෙසු පක්ෂ නායකයන් මෙන්ම සියලුම මන්ත්‍රීවරු ඇය අගයමින් සිය කතා ආරම්භ කිරීම සුවිශේෂ වූහ.

Share.
Leave A Reply