දූෂණ විමර්ශන හා නඩු පැවරීමේ ක්‍රියාවලිය වඩාත් ශක්තිමත් කරමින් සංශෝධිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් අද (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.

රාජ්‍ය පාලනයේ පාරදෘශ්‍යභාවය හා යහපාලනය තහවුරු කිරීම අරමුණු කරගත් මෙම සංශෝධන මඟින් පවත්නා නෛතික ගැටලු, සිංහල-ඉංග්‍රීසි භාෂා පාඨ අතර වෙනස්කම් මෙන්ම ඉලෙක්ට්‍රොනික ක්‍රමයට වත්කම්-බැරකම් ප්‍රකාශ කිරීමේදී මතු වූ ප්‍රායෝගික බාධා නිරාකරණය කිරීමට නියමිතය. මෙමඟින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ බලතල හා කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ යනු ඇත.

Share.
Leave A Reply