සංක්‍ෂිප්තයඅධ්‍යාපනය හා මානව හිමිකම් නගාසිටුවීමට නව පියවරසාමාන්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් හා තත්ත්ව ආරක්ෂණය උදෙසා ‘ශ්‍රී ලංකා අධ්‍යාපන සභාව’ පිහිටුවීමට පනත් කෙටුම්පතක් සකස් කිරීමටත්, UPR මධ්‍යකාලීන වාර්තාකරණය සඳහා ‘මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුවක්’ පිහිටුවීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. 

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත ප්‍රගතියක්2026-2030 නව ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබිණි. එසේම, ජාතික රෝහලේ හෘද හා උරස් ශල්‍යකර්ම පොරොත්තු ලේඛන අවම කිරීමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය රෝහල් පහසුකම් භාවිත කිරීමට තෙපාර්ශ්වික ගිවිසුමකට එළඹෙන අතර, UNDP හරහා හදිසි හා දුර්ලභ ඖෂධ ප්‍රසම්පාදනයට ද තීරණය විය.  නීතිමය හා ජාත්‍යන්තර ගිවිසුම්පෝලන්තය සමඟ වරදකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුමකට අත්සන් තැබීමටත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ’ නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අනුමැතිය හිමිවිය.

තවද, විදේශ විනිමය නීතිවිරෝධී ලෙස යැවීම අපරාධ වරදක් කරමින් විදේශ විනිමය පනත සංශෝධනය කෙරේ.  ප්‍රසම්පාදන, සංවර්ධන හා පාරිසරික තීරණ’දිට්වා’ චක්‍රවාතයෙන් හානියට පත් සුළු වාරිමාර්ග 5,935 ක් පුනරුත්ථාපනයට රුපියල් මිලියන 2,000 ක් වෙන් කෙරේ. සෙත්සිරිපාය III අදියරේ ඉතිරි වැඩ රුපියල් බිලියන 25.58 කට අවසන් කිරීමටත්, රාවණා ඇල්ල අභයභූමියේ ‘නිල්දිය පොකුණ’ සංචාරක කටයුතු නියාමනය කිරීමටත් තීරණය කර ඇත.

Share.
Leave A Reply