පාසල් නිවාඩු සමයේ සරුංගල් යැවීමට ගොස් සිදුවන බරපතළ හදිසි අනතුරු මේ දිනවල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා අනතුරු අඟවයි!

සරුංගල් නිසා උදාවිය හැකි බිහිසුණු අවදානම්:

අත් සහ බාහු කපා ඉවත් කිරීමට සිදුවීම: අධිබලැති විදුලි රැහැන්වල නූල් ගැටීමෙන් විදුලි සැර වැදී අත්, බාහු, පපුව සහ ස්නායු පටක දැඩි ලෙස පිලිස්සී යථා තත්ත්වයට පත්කළ නොහැකි වීමෙන් ශල්‍යකර්ම මගින් ශරීරාංග ඉවත් කිරීමට සිදුවේ.

ක්ෂණික ජීවිත හානි: විදුලි සන්නායක නූල් අධිබලැති රැහැන්වල වැදීමෙන් විදුලි ධාරාව ශරීරයට ගලා ඒම නිසා ක්ෂණිකව ජීවිතක්ෂයට පත්විය හැක.

උස් ස්ථානවලින් ඇදවැටීම්: ගොඩනැගිලි හෝ උස් ස්ථානවල සිට සරුංගල් යැවීමට ගොස් බරපතළ ලෙස ඇදවැටී තුවාල ලැබීම්.

රටේ දෙමාපියන්ගේ අවධානයට:

අධිබල විදුලි රැහැන් ආසන්නයේ දරුවන්ට සරුංගල් යැවීමට කිසිසේත්ම ඉඩ නොදෙන්න.

දරුවන් සරුංගල් යවන ස්ථාන පිළිබඳව නිරන්තරයෙන් විපරමින් සිටින්න.

දරුවාගේ පුංචි විනෝදය ඔහුගේ මුළු ජීවිතයම අඳුරු කිරීමට ඉඩ නොදෙන්න! මෙම පණිවිඩය ෂෙයාර් කර (Share) තවත් දරුවෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට දායක වන්න!

Share.
Leave A Reply