ජාතික උද්‍යාන ආශ්‍රිත වනජීවී සංරක්ෂණය සහ සංචාරක කළමනාකරණය විධිමත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් පරිසර නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

දිනකට ජීප් රථ 400-600ක් ඇතුළු වීමෙන් වනජීවීන්ට සිදුවන බලපෑම පාලනයට විද්‍යාත්මක ධාරණ ධාරිතා අධ්‍යයනයක් සිදු කරන අතර, සීගිරිය-පේක්කුලම ආශ්‍රිතව නව පිවිසුමක් සකස් කෙරේ. තදබදය අවම කිරීමට පස්වරු 2.00ට පසු ඇතුළුවන වාහන බටුඔය පිටවීම හරහා යොමු කෙරෙනු ඇත.

මින්නේරිය, කවුඩුල්ල සහ හුරුළු උද්‍යාන සඳහා නව මාර්ගගත (Online) ප්‍රවේශපත්‍ර පද්ධතියක් සහ ගේට්ටු අධීක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දෙයි. තවද, උසස් ආපනශාලා පහසුකම්, නවීන කෞතුකාගාර සහ වනජීවී තේමා කරගත් සිහිවටන අලෙවි සැලසුම් හරහා දෙපාර්තමේන්තු ආදායම මෙන්ම සංචාරක සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.

Share.
Leave A Reply