බස්නාහිර 53%ක අතිශය භයානක අධි අවදානමකසෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 96ක් රතු කලාප ලෙස ප්‍රකාශයට පත් කෙරේ!

ගම්පහ සහ කොළඹින් පමණක් රෝගීන් 37,000කට වැඩි පිරිසක්!

දිවයින පුරා ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමේ දැඩි අවදානමක් මතුව ඇති අතර, 2026 වසරේ අගෝස්තු 15 වනදා මධ්‍යම රාත්‍රිය වන විට වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,011 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත වාර්තා තහවුරු කරයි.  සෞඛ්‍ය වාර්තාවලට අනුව මේ වන විට දිවයින පුරා සිදු වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රෝගීන් වාර්තා වීමේ අනුපාතයට අනුව රෝගී මරණ අනුපාතිකය (Case Fatality Rate) 0.07%ක් ලෙස සටහන් වේ. තවද, 32 වන සතිය වන විට දිවයින පුරා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 96ක් අධි අවදානම් රතු කලාප ලෙස හඳුනාගෙන ඇත. 

ජූලි මාසයේ උපරිම වාර්තාගත වීමක්මාසික රෝගී වාර්තා වීම් විශ්ලේෂණය කිරීමේදී ජූලි මාසය තුළ පමණක් රෝගීන් 29,968 දෙනෙකු වාර්තා වී ඇති අතර එය වසරේ මෙතෙක් වාර්තා වූ ඉහළම අගයයි. ජූනි මාසයේදී රෝගීන් 21,533ක් සහ මැයි මාසයේදී රෝගීන් 8,590ක් වශයෙන් වාර්තා විය. අගෝස්තු මාසයේ පළමු සති දෙක තුළ පමණක් රෝගීන් 6,671 දෙනෙකු හඳුනාගෙන ඇත.

2026 මාසික රෝගීන් සංඛ්‍යාලේඛනජනවාරි: 7,866  පෙබරවාරි: 5,721  මාර්තු: 6,013  අප්‍රේල්: 5,651  මැයි: 8,590  ජූනි: 21,533  ජූලි: 29,968 (ඉහළම)  අගෝස්තු (15 වෙනිදා දක්වා): 6,671  බස්නාහිරින් රෝගීන්ගෙන් අඩකටත් වඩා (52.96%)පළාත් මට්ටමින් සලකා බැලීමේදී බස්නාහිර පළාතෙන් මුළු රෝගීන්ගෙන් 52.96%ක් (රෝගීන් 48,725) වාර්තා වී තිබීම අතිශය භයානක තත්ත්වයකි. මීට අමතරව දකුණු පළාතෙන් රෝගීන් 13,533ක් (14.71%) සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,274ක් (8.99%) වාර්තා වී ඇත.   

වැඩිම බලපෑමට ලක්වූ ප්‍රධාන දිස්ත්‍රික්කගම්පහ දිස්ත්‍රික්කය: 19,631 (21.34%)  කොළඹ (පිටත): 18,245 (19.83%)  මහනුවර: 6,613 (7.19%)  මාතර: 6,036 (6.56%)  කළුතර: 5,951 (6.47%)  ගාල්ල: 5,039 (5.48%)  රත්නපුර: 4,935 (5.36%)  කොළඹ මහා නගර සභාව (CMC): 3,700 (4.02%) 

මහජන සෞඛ්‍ය හදිසි අනතුරු ඇඟවීම:දින දෙකකට වඩා පවතින තද උණ, හිසරදය, වමනය හෝ ඇඟපත වේදනාව පවතී නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී රුධිර පරීක්ෂාවක් (FBC) සිදුකර ගන්න. ඔබේ නිවස, පාසල සහ රැකියා ස්ථානය අවට මදුරුවන් බෝවන ස්ථාන වහාම විනාශ කිරීමට පියවර ගන්න.

Share.
Leave A Reply