​උතුරු පළාතේ සිංහල ජනතාවගේ ඓතිහාසික අයිතිවාසිකම් සුරැකීම සහ චෙම්මනි සුසාන භූමිය / සමූහ මිනීවල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට හා ශ්‍රී ලංකා යුද හමුදාවට එල්ල වන පදනම් විරහිත චෝදනාවලට එරෙහිව කරුණු දැක්වීම සඳහා “සසුන් රැකුමට ගෝලීය සිංහල එකමුතුව” විසින් සංවිධානය කරනු ලබන විශේෂ සන්දේශයක් කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ (UN) කාර්යාලය වෙත භාරදීමට කටයුතු යොදා ඇත.

​අදාළ කාලසීමාවන්හිදී චෙම්මනි ප්‍රදේශය ත්‍රස්තවාදී ග්‍රහණයේ පැවැති අතර, මානුෂික මෙහෙයුමෙන් පසුව එය රජයේ පාලනයට නතු විය. කෙසේ වෙතත්, එම වකවානුවේදී පවා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙන්ම අදාළ ප්‍රාදේශීය සභා පාලනය සිවිල් වැටුප් ලබන දෙමළ රාජ්‍ය නිලධාරීන් සහ පාලන කොමසාරිස්වරුන් යටතේ ක්‍රියාත්මක විය. යම් අක්‍රමිකතාවයක් හෝ සිදුවීමක් සිදු වූයේ නම් එම නිලධාරීන් ඒ පිළිබඳව දැනුවත් විය යුතු අතර, සිද්ධිය සම්බන්ධයෙන් තවමත් නිසි කාල නිර්ණයකින් තොරව ශ්‍රී ලංකා යුද හමුදාවට සහ රජයට පමණක් ඇඟිල්ල දිගු කිරීම වේ.

​මෙම අසාධාරණ චෝදනාවලට එරෙහිව සහ සත්‍ය තොරතුරු ලෝකය හමුවේ තැබීම වෙනුවෙන් පැවැත්වෙන මෙම විශේෂ අවස්ථාව ආවරණය කිරීම සඳහා සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන වෙත ගෞරවයෙන් ඇරයුම් කර සිටිමු.

​දිනය: 2026 අගෝස්තු මස 14 වන දින (හෙට)

​වේලාව: උදෑසන 10:30 ට

​ස්ථානය: එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල (තුම්මුල්ල junction, කොළඹ)

​මාධ්‍ය විමසීම් සහ සංවිධායක:

​කේ. කේ. සුනිල් කුමාර

ලේකම්,

සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුව

සංවිධායක කමිටුව වෙනුවෙන්

Share.
Leave A Reply