අනුර කුමාර අද (11) කෑගල්ලේ දී පැවැති මාධ්‍ය හමුවේ දී කියයි!
කෑගල්ලට සිරවූ සංවර්ධනය: ජනතාව අගාධයේ! – අනුර කුමාර ප්‍රබල හෙළිදරව්වක්
කඳුකරයේ නායයෑම් අවදානමයි – තරුණයන්ගේ රැකියා අර්බුදයයි: කෑගල්ලේ ඇත්ත තත්ත්වය රඹුක්කනින් එළියට!
පාලකයින්ගේ නොසලකා හැරීමට එරෙහිව කෑගල්ලෙන් දැවැන්ත විරෝධයක්!
කෑගල්ලේ ජනතාව රැවටූ පාලකයින්ගේ රෙදි ගැලවෙයි!රඹුක්කනින් ආවේජනීය හෙළිදරව්වක්!
රටම බලන කෑගල්ලේ ඇත්ත කතාව! – රඹුක්කන සජබ ප්‍රධාන සංවිධායකගෙන් ආණ්ඩුවට සැර පහරක්!”
නායයෑම් තර්ජනයයි, රැකියා නැති තරුණයොයි: කෑගල්ලට වෙච්ච දේ අනුර කුමාර තෙන්නකෝන් කියයි!
කෑගල්ල අගාධයට තල්ලු කළ පාලකයින්ට රඹුක්කනින් කෙලින්ම පහරක්!” කෑගල්ලේ මිනිස්සු තවදුරටත් අසරණ වෙන්න දෙන්න බෑ! – රටම අවදි කරවන රඹුක්කන ප්‍රකාශය!
කෑගල්ලට සිරවූ සංවර්ධනය – ජනතාව අගාධයට!
රඹුක්කන සජබ ප්‍රධාන සංවිධායක අනුර කුමාර තෙන්නකෝන්ගෙන් ආණ්ඩුවට තද පහරක්!
ස්වාභාවික සෞන්දර්යයෙන් සහ දීප්තිමත් ඓතිහාසික උරුමයකින් පිරිපුන් කෑගල්ල දිස්ත්‍රික්කය, පාලකයින්ගේ නොසලකා හැරීම නිසා අද වන විට බරපතල යටිතල පහසුකම් සහ ආර්ථික කඩා වැටීමකට ලක්ව ඇතැයි රඹුක්කන සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර තෙන්නකෝන් මහතා පවසයි.
විධිමත් වැඩපිළිවෙළක් නොමැතිකම නිසා දිස්ත්‍රික්කයේ සමස්ත ජන ජීවිතයම අඩපණ වී ඇති බවත්, වහාම මේ සඳහා විසඳුම් නොලැබුණහොත් ජනතාව සමඟ වීදි බැසීමට පසුබට නොවන බව ඔහු කීය.
අනුර කුමාර තෙන්නකෝන් මහතා මෙසේ පැවසීය.
අරණායක, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ දෙහිඕවිට ඇතුළු කඳුකර ප්‍රදේශ රැසක ජනතාව අධික වර්ෂාවත් සමඟ දැඩි නායයෑම් අවදානමක ජීවත් වෙති. පසුගිය කාලවල සිදු වූ නායයෑම්වලින් අවතැන් වූ පවුල් සඳහා ආරක්ෂිත ඉඩම් හා ස්ථිර නිවාස ලබාදීමේ කටයුතු තවමත් බස්සවා ඇති අතර, පාලකයින් මේ පිළිබඳව කිසිදු තැකීමක් නොකරන බව ඒ මහතා චෝදනා කරයි.
ප්‍රධාන මාර්ග කිහිපයක් පෙනුමට සකස් කර තිබුණද, ග්‍රාමීය අභ්‍යන්තර මාර්ග බොහොමයක් අතිශය අලුත්වැඩියා කළ යුතු අගාධ බවට පත්ව ඇත. වර්ෂා කාලයට සහ රාත්‍රී කාලයට දුෂ්කර ගම්මාන වෙත ධාවනය වීමට ප්‍රමාණවත් ලංගම හෝ පෞද්ගලික බස් රථ සේවාවන් නොමැති වීමෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටි.
කෑගල්ල මහ රෝහල හැරුණු විට දැරණියගල, බුලත්කොහුපිටිය වැනි ප්‍රාදේශීය රෝහල්වල දැඩි විශේෂඥ වෛද්‍ය, ඖෂධ සහ යටිතල පහසුකම් හිඟයක් පවතී. හදිසි රෝගියෙකු ප්‍රධාන රෝහල වෙත ගෙන යාමට ගතවන දීර්ඝ කාලය නිසා අහිංසක මිනිස් ජීවිත පවා අවදානමට ලක්ව ඇත.
රබර්, තේ මෙන්ම කරාබුනැටි, සාදික්කා, ගම්මිරිස් වැනි කුළුබඩු වගාකරුවන්ට සාධාරණ සහ තිරසාර වෙළඳපොළ මිලක් නොලැබේ.
දිස්ත්‍රික්කය තුළින්ම අගය එකතු කළ නිෂ්පාදන බිහිකිරීමට කර්මාන්ත ශාලා නොමැති වීම නිසා ගොවීන්ගේ නිෂ්පාදන අමුද්‍රව්‍ය ලෙසම ඉතා අඩු මිලට විකුණා දැමීමට සිදුව තිබේ.
වන සතුනගේ ප්රශ්නය නිසා ජනතාව බරපතල අපහසුතාවයකට ලක්ව ඇති බවත් සත්ව සංගනනය ට කර ගත්තීන්දු තීරණය වහාම රට හමුවේ ඉදරිපත් කරන ලෙස තමා ආණඩුවට අබියෝග කරන බව ද කීය.
කෑගල්ල නගරයේ ප්‍රධාන පාසල් කිහිපයක් තිබුණද, ග්‍රාමීය පාසල්වල විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ (IT) විෂයන් සඳහා දැඩි ගුරු හිඟයක් පවතී. උසස් අධ්‍යාපනය ලබන තරුණ තරුණියන්ට දිස්ත්‍රික්කය තුළ රැකියා උත්පාදනය වන කිසිදු මහා පරිමාණ කර්මාන්තශාලාවක් හෝ IT උද්‍යානයක් ආරම්භ කිරීමට පාලකයින් අසමත් වී ඇත.
ජනතාවගේ කඳුළු මතින් දේශපාලනය කරන යුගය අවසන් කළ යුතු බවද ඔහු කීය.
කෑගල්ල කියන්නේ ස්වාභාවික සම්පත්වලින් පිරුණු දිස්ත්‍රික්කයක්. නමුත් අද අපේ තරුණයන්ට රැකියා නෑ, ගොවියාට අස්වැන්නට මිලක් නෑ, කඳුකරයේ ජනතාව නායයෑම් භීතියෙන් ජීවත් වෙනවා. මේ එකම ගැටලුවකටවත් වත්මන් පාලකයන් ලඟ උත්තර නෑ. සමගි ජන බලවේගය ලෙස අපි මේ අසාධාරණයට එරෙහිව ජනතාව වෙනුවෙන් පෙරට එනවා යැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.

