පොලිසියේ තහනම අධිකරණය ඉවතලයි! – කන්කසන්තුරය තිස්ස විහාරය මැදින් මාර්ගය හැදීමට කොළ එළියක්.

කන්කසන්තුරය තිස්ස විහාරය මැදින් පාර කැපීමට මල්ලාකම් අධිකරණයෙන් කොළ එළියක්!

පලාලි පොලිසිය ලබාගෙන තිබූ තහනම් නියෝගය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයෙන් සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභ කෙරේ..!

යාපනය, කන්කසන්තුරය පිහිටි ඓතිහාසික තිස්ස රාජමහා විහාර භූමිය මැදින් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව ගෙන තිබූ තීරණයට එරෙහිව පලාලි පොලිසිය ලබාගෙන තිබූ තහනම් නියෝගය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය විසින් සම්පූර්ණයෙන්ම ඉවත් කර තිඛේ.

මෙම නඩුව සිව්වන වරටත් විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය පෙන්වා දී ඇත්තේ, පවතින නීතිමය ප්‍රතිපාදන අනුව ප්‍රාදේශීය බලප්‍රදේශය තුළ මාර්ග ඉදිකිරීමේ පූර්ණ බලතල ප්‍රාදේශීය සභාව සතු වන බවයි.

වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපති සෝමසුන්දරන් සුගිර්දන් සහ ලේකම් ශිවකුමරන් සිවානන්දන් යන මහත්වරුන්ට එරෙහිව පලාලි පොලිසිය මෙම තහනම් නියෝගය ලබාගෙන තිබුණි.

අධිකරණ තීන්දුවත් සමඟ විහාරස්ථාන භූමිය මැදින් යෝජිත මාර්ගය ඉදිකිරීමට ප්‍රාදේශීය සභාවට පැවති නීතිමය බාධාව සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇත.

Share.
Leave A Reply