කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල පොදු ප්‍රවාහනය වෙනස් කරන ‘මෙට්‍රෝ බස් සේවාව’ එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට නව මාර්ග 05 ක් දක්වා ව්‍යාප්ත කිරීමට ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් ආයතනය තීරණය කර තිබෙනවා!
නව මාර්ග 05:
මිලේනියම් සිටි ↔ කොළඹ කොටුව (කි.මී. 22.3)
දෙමටගොඩ ↔ පානදුර (කි.මී. 28.7)
තලංගම / බත්තරමුල්ල ↔ ඒකල (කි.මී. 29.9)
මාකුඹුර / කැස්බෑව ↔ පිටකොටුව (කි.මී. 37.7)
කොල්ලුපිටිය ↔ සර්කියුලර් පාර, බම්බලපිටිය (කි.මී. 14)
(මාකුඹුර – කොටුව සහ මාකුඹුර – කඩවත මාර්ග 02 හි සුපුරුදු පරිදි සේවාව ක්‍රියාත්මක වේ)
ඉදිරි පියවර සහ විශේෂිත කරුණු:
🔹 2026 සැප්තැම්බර් වන විට ධාවනය වන බස් රථ ගණන 122 දක්වා ඉහළට!
🔹 2027 වන විට බස් රථ 272 ක් දක්වා වැඩි කර දිවයින පුරා අනෙකුත් ප්‍රධාන නගරවලටත් ව්‍යාප්ත කිරීමේ සැලසුම්.
🔹 2032 – 2035 වන විට ශ්‍රී ලංකාවේ සමස්ත නාගරික ප්‍රවාහනය මෙට්‍රෝ බස් රථ මගින් සිදු කිරීමට ඉලක්ක කර ඇත (පෞද්ගලික අංශයට ද අවස්ථාව හිමිවේ).
නවීන තාක්ෂණයෙන් සහ උපරිම පහසුකම්වලින් යුතු මෙම මෙට්‍රෝ බස් සේවාව හරහා ශ්‍රී ලාංකේය පොදු ප්‍රවාහනයේ නව පුනරුදයක්

