අනුරාධපුර මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රිනී සහ පොදුජන පෙරමුණේ හිටපු අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සංවිධායිකා වන එස්. ආර්. ඒ. එස්. රේණුකා සමරතුංග මහත්මිය, 2026 අගෝස්තු 04 වන දින සර්වජන බලය අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සංවිධායිකා ලෙස නිල වශයෙන් පත් කෙරිණි.

එම පත්වීම් ලිපිය සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා විසින් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට සර්වජන බලයේ මහ ලේකම් නීතිඥ රංජන් සෙනවිරත්න මහතා ද එක්ව සිටි අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පක්ෂ සංවිධාන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව දිස්ත්‍රික් කාන්තා සංවිධායිකාගේ දායකත්වය වැදගත් වනු ඇති බව එහිදී අවධාරණය කෙරිණි

Share.
Leave A Reply