ජනපතිගෙන් දැඩි තීන්දුවක්: බිලියන ගණනක ප්‍රාග්ධනයක් එක්ක රාජ්‍ය යන්ත්‍රණයම උඩුයටිකුරු කෙරේ! “සුළු සංශෝධන නෙමෙයි – ජනතාව ඉල්ලන්නේ සමස්ත පරිවර්තනයක්!” – ජනාධිපති අනුර කුමාර දිසානායක කියයි.
2027 අයවැය පූර්ව සාකච්ඡාවේදී 2,000කට අධික නාස්තිකාර ගොඩනැගිලි සහ කෝටි ගණනක ව්‍යාපෘති ගැන ජනපතිගෙන් සෘජු නියෝග!
දශක ගණනාවක් තිස්සේ ජනතා ප්‍රශ්න විසඳීමට අසමත් වූ පැරණි රාජ්‍ය පරිපාලන ක්‍රමය අහෝසි කර, සමස්ත රටම ආවරණය වන පරිදි ප්‍රාදේශීය පරිපාලන ඒකක “සංවර්ධන ඒකක” බවට පරිවර්තනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කරයි.
සංඛ්‍යාත්මකව රට හමුවේ තැබූ දැවැන්ත සංඛ්‍යා ලේඛන මෙන්න:
2,000+ නාස්තිකාර ගොඩනැගිලි: රට පුරා නිකරුණේ දිරාපත්වන ඌන උපයෝජිත ගොඩනැගිලි 2,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත! නව ඉදිකිරීම් නවත්වා අත්‍යාවශ්‍ය දේට පමණක් මුදල් වෙන්කිරීමට නියෝග.
රු. මිලියන 766,656 කට අධික අයවැය ප්‍රතිපාදන:
ප්‍රාග්ධන වියදම්: රු. මිලියන 60,430.04
පුනරාවර්තන වියදම්: රු. මිලියන 706,226.83
රු. මිලියන 6,793 ක ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය: 2026-2029 කාලය සඳහා ග්‍රාමීය පාලම් වෙනුවෙන් විශාල මුදලක් වෙන් කෙරේ. (2026 දී වෙන් කළ රු. මිලියන 1050න් දැනටමත් 29%ක ප්‍රගතියක් ලබා ඇත).
750,000 ක විශ්‍රාමිකයින්ගේ අයිතිවාසිකම්: ලක්ෂ 7.5කට අධික විශ්‍රාමිකයන්ගේ පද්ධතිය සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් සේවාවන් කඩිනමින් ඩිජිටල්කරණයට පියවර.
අමාත්‍ය බංගලා ආර්ථිකයට: ප්‍රභූන් භාවිත කළ නිල නිවාස සහ බංගලා සියල්ල රටට ආදායම් උපයන ආර්ථිකමය වැඩසටහන් සඳහා වහාම යෙදවීමට නියෝග!

