ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමන් වෙත හදිසි යෝජනාවලියක්!
යාපනය දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව මුහුණ දෙන දැවැන්ත අර්බුදය සහ නීති විරෝධී ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රාවල ආක්‍රමණය නතර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ සහෝදරයා විසින් ජනාධිපති වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩී. රාජා සහෝදරයාද සමඟ යාපනයේ කළ ක්ෂේත්‍ර සංචාරයේදී අනාවරණය වූ කරුණු මෙසේය:
අපේ සාගරයට සහ ධීවර ජනතාවට සිදුවන විනාශය:සාගර පත්ල සූරාකෑම (Bottom Trawling): ඉන්දියානු අධි-අශ්වබල යකඩ ට්‍රෝලර් යාත්‍රා අපගේ මුහුදු සීමාවට ඇතුළු වී මුහුදු පත්ලම විනාශ කරමින් සාගර ජෛව පද්ධතිය සම්පූර්ණයෙන් නැසීම. අපේ ධීවරයන්ගේ අයිතිය අහිමිවීම: ලී බඳ සහිත කුඩා දේශීය යාත්‍රාවල දැල් කපා දැමීම නිසා සතියට දින කිහිපයක් පමණක් රැකියාවේ යෙදීමට සිදුවීමෙන් ධීවර පවුල් අසරණ වීම. ජාතික ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය තර්ජනය: නියාමනය නොවන මෙම යාත්‍රා හරහා නීති විරෝධී ජාවාරම් සහ මත්ද්‍රව්‍ය රට තුළට ඇතුළු වීමේ බරපතල තර්ජනය.
ජනාධිපති වෙත ඉදිරිපත් කළ විසඳුම් 5:
✅ 1. විනාශකාරී Bottom Trawling පන්න ක්‍රම තහනම් කිරීමට දෙරට අතර නිල රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවයක් ඇති කරගැනීම.
✅ 2. දෙරටේම ධීවර නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විවෘත හා අවංක සාකච්ඡා පැවැත්වීම.
✅ 3. චන්ද්‍රිකා (Satellite) තාක්ෂණය ඔස්සේ දෙරටේම ධීවර යාත්‍රා අධීක්ෂණය කිරීම.
✅ 4. එක්සත් ජාතීන්ගේ (FAO) වගකීම්සහගත ධීවර රීතීන් යටතේ ජාත්‍යන්තර තාක්ෂණික සහාය ලබාගැනීම.
✅ 5. ඇතිකරගන්නා එකඟතාවයන් අඛණ්ඩව අධීක්ෂණය කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම. අපගේ මාතෘභූමියේ සාගර සම්පතත්, උතුරේ ජනතාවගේ ජීවනෝපායත් සුරැකීමට වහා පියවර ගනිමු යැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ සහෝදරයා පවසයි.

