වසර 159ක ඉතිහාසයක් හිමි රටවල් 140කට අධික සංඛ්‍යාවකට අපනයනය කෙරෙන ‘සිලෝන් ටී’ (Ceylon Tea) සඳහා මෙතෙක් භූගෝලීය දර්ශක (GI) ලියාපදිංචිය ලබා නොගැනීමෙන් ඩොලර් බිලියන 1.3ක වාර්ෂික විදේශ විනිමය ආදායම දැඩි අවදානමකට ලක්ව ඇත.
ලෝක තේ නිෂ්පාදනයෙන් 6%ක දායකත්වයක් දරන ශ්‍රී ලංකාව, මෙම ප්‍රමාදය නිසා ජාත්‍යන්තර වෙළඳපොළේ ව්‍යාජ නිෂ්පාදනවලින් සිදුවන නීතිමය තර්ජන හමුවේ නිරාවරණය වී සිටියි. අපනයන තරගකාරීත්වය හා ශ්‍රී ලාංකේය තේ සන්නාමයේ අභිමානය සුරැකීමට වහාම GI ලියාපදිංචිය සම්පූර්ණ කරන ලෙස ක්ෂේත්රයේ විශේෂඥයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

