ජයවර්ධනපුර මහ රෝහලේ පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳවැටීම හේතුවෙන් දහස් සංඛ්‍යාත රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය හෙළි කරයි.

වසරකට අධික කාලයක් තිස්සේ සුදුසුකම් ලත් ස්ථිර අධ්‍යක්ෂවරයෙකු පත් නොකිරීමත්, දේශපාලන හිතවතුන් පාලනයට අතපෙවීමත් නිසා මෙසේ රෝහල් පද්ධතිය අඩපණ වී ඇත. COPE කමිටුවේදී පවා බරපතල විගණන ගැටලු අනාවරණය වූ අතර, පවතින අර්බුදය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවට පත්ව සිටිති.

මේ නිසා අසරණ රෝගීන්ට අධික මුදලක් වියදම් කර පෞද්ගලික රෝහල් වෙත යෑමට සිදුව ඇති අතර, මෙම බරපතල තත්ත්වයට ජනාධිපතිවරයා වහා මැදිහත් විය යුතු බව සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කරයි.

Share.
Leave A Reply