පැමිණිලිකරුට කොමිසමෙන් හදිසි කැඳවීමක්!
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සහ සමාජ මධ්‍ය ඔස්සේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ ඔහුගේ පත්වීමට එරෙහිව කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 49 (අ) වගන්තිය ප්‍රකාරව මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.
මේ පිළිබඳව පැමිණිලි කළ පාමුණි කමන්ත තුෂාර මහතාගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීම සහ අදාළ වීඩියෝ දර්ශනවල මාධ්‍ය පිටපත් ලබා ගැනීම සඳහා 2026 අගෝස්තු 03 වන දින පෙ.ව. 09:30 ට කොළඹ 05, කැප්පෙටිපොල මාවතේ පිහිටි දූෂණ විමර්ශන අංශය 01 වෙත කැඳවා තිබේ.

