කටුනායකින් අහසට නැඟුණු දැවැන්ත තුර්කි ගුවන් යානයකට (Turkish Airlines) ගුවන්ගත වී සුළු මොහොතකින් යළිත් හදිසියේම බණ්ඩාරනායක ගුවන්තොටුපළට ගොඩබෑමට සිදු වූ පුවතක් වාර්තා වෙනවා.

සිදුවීම සැකෙවින්:

මගීන් සංඛ්‍යාව: මගීන් 253ක් සහ කාර්ය මණ්ඩලය 10ක් (සහ පණ ගැහුණු ජීවිත 263ක්!)

හේතුව: ගුවන්ගත වෙද්දීම අපේ රටේ කුරුල්ලෙකු යානයේ ගැටීම

අහසේ රැඳී සිටි හේතුව: යානයේ බර අඩු කර ආරක්ෂිතව ගොඩබෑම සඳහා, ටැංකියේ තිබූ ඉන්ධන ගුවනේදීම දහනය කර සැහැල්ලු වන තෙක් යානය කටුනායක අහසේ පැය කිහිපයක් රවුම් ගසා තිබෙනවා.

🙌 සියල්ලන්ම නිරුපද්‍රිතයි!

ගුවන්තොටුපළේ සියලුම හදිසි මුදාගැනීමේ අංශ සීරුවෙන් තබා තිබූ පසුබිමක, ගුවන් නියමුවාගේ දක්ෂතාවය මත යානය ඉතාමත් ආරක්ෂිතව බිමට බා ගැනීමට හැකි වී තිබෙනවා. මගීන් හෝ කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් නැහැ!

දැවැන්ත විදේශීය යානයකට අපේ රටේ කුරුල්ලෙක් දුන්න “ගේම” නිසා පැය කිහිපයක් යනතුරු කටුනායක ගුවන්තොටුපළම දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකයි පැවතුණේ.

වැඩිදුර තොරතුරු කමෙන්ට් තීරුවෙන්…හා ද…

Share.
Leave A Reply