රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව ගන්නා ඉදිරි නීතිමය පියවර මොනවාද? නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නඩුකරය එළඹෙන සැප්තැම්බර් මස 30 වනදා කැඳවීමට නියම කර තිබේ.

අද (08) මෙම නඩුව කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අනාවරණය වූ ප්‍රධාන කරුණු මෙන්න:

සිද්ධියට අදාළ පරීක්ෂණ සියල්ල අවසන් කර, ඊට අදාළ ගොනු නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරී පියසේන මහත්මිය අධිකරණයට දැනුම් දුන්නාය.

🇬🇧 බ්‍රිතාන්‍යයෙන් ලැබුණු වාහන?: රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ විශේෂ ප්‍රකාශයක් කළේය. ඔහු කියා සිටියේ නඩුවට පාදක වන මුදලින් අඩක්ම වැය වී ඇත්තේ වාහන සඳහා බවයි.

ලේඛන භාරදෙයි: මෙම වාහන තම සේවාදායකයාට ලබා දුන්නේ බ්‍රිතාන්‍ය රජය විසින් බවත්, ඊට අදාළ නිල ලේඛන රජයේ නීතිඥවරිය වෙත භාර දෙමින් ඒ පිළිබඳව ද විමර්ශනයක් පවත්වන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.

Share.
Leave A Reply