මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ මාරාන්තික නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ රටම කම්පාවට පත්ව සිටින මොහොතක, මෙරට බන්ධනාගාර පද්ධතියේ පවතින බරපතළ කඩා වැටීම පිළිබඳව ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. 

නිවේදනයේ ඇතුළත් ප්‍රබල කරුණු:මියගිය අයට ශෝකය: මාරාන්තික නොසන්සුන්තාවයෙන් මියගිය අයගේ පවුල් වෙත සිය ශෝකය ප්‍රකාශ කරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරයි.  රජයේ වගකීම පැහැර හැරීමක්ද? රැඳවියන් පසුවන්නේ රජයේ රැකවරණය සහ ආරක්ෂාව යටතේ බැවින්, බන්ධනාගාර කාර්ය මණ්ඩලය සහ රැඳවියන් යන දෙපාර්ශවයටම උපරිම ආරක්ෂාව සැපයීම රජයේ සෘජු වගකීමක් බව පෙන්වා දෙයි. 

පවතින දුර්වලතා මඟහරවා ගැනීමට තව තවත් කමිටු පත්කරමින් කාලය කා දැමීම සහ මහජනතාව පීඩාවට පත් කිරීම වහාම නැවැත්විය යුතුය. 

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (Commissioner General of Prisons) තනතුර සඳහා මෙතෙක් ස්ථිර පත්කිරීමක් සිදු කර නොමැති බව හෙළි කරන අතර, සුදුස්සන් සුදුසු තනතුරුවලට කඩිනමින් පත් කර පුරප්පාඩු පිරවිය යුතු බව අවධාරණය කරයි. 

“සියලු සත්වයෝ දඬුවමට සහ මරණයට බිය වෙති. තමා උපමා කොට සිතා අනුන් නොනැසිය යුතුය” යන බෞද්ධ රාජ්‍ය සංකල්පය සහ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් ශ්‍රී ලංකාව තුළ වහාම ක්‍රියාත්මක කළ යුතු බව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් වැඩිදුරටත් මතක් කර සිටී.

👉 රටේ ආරක්ෂාව සහ මානව හිමිකම් ගැන හිතන හැමෝම Share කරන්න!  සාධු…සාධු…සාධු…

Share.
Leave A Reply