පසුගිය වසරේ බලපෑ ‘දිට්වා’ සුළිකුණාටුවෙන් හානියට පත් කෘෂිකාර්මික බිම් සඳහා වගා වන්දි මුදල් ගෙවා අවසන් කරමින් පවතින බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි.

රටේ පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද, මේ වන විට සමස්ත ගොවීන් 202,025ක් වෙනුවෙන් රුපියල් මිලියන 12,341.5ක (බිලියන 12.3කට අධික) දැවැන්ත වන්දි මුදලක් ගෙවා නිම කර ඇත. 

වී වගා හානි (ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව): පූර්ණ හානියට පත් කුඹුරු අක්කර 148,000ක් වෙනුවෙන් ගොවීන් 116,278කට රුපියල් මිලියන 8,888.5ක්. (හෙක්ටයාරයකට රු. 150,000 බැගින්) . 

අනෙකුත් භෝග (කෘෂිකර්ම දෙපාර්තමේන්තුව): බඩඉරිඟු, එළවළු ඇතුළු ක්ෂේත්‍ර භෝග වෙනුවෙන් ගොවීන් 85,747කට රුපියල් මිලියන 3,453ක්. (හෙක්ටයාරයකට රු. 200,000 බැගින්) .  නව රජයේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් ගොවි ජනතාව මුහුණ දුන් ව්‍යසනය වෙනුවෙන් මෙම කඩිනම් සහනය සැලසීමට හැකි වූ බව මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිං ආරච්චි මහතා සඳහන් කරයි.

Share.
Leave A Reply