“බදු කියන්නේ බරක් නෙවෙයි, රටට ආදරය කරන වගකීම් සහගත පුරවැසියන් බිහි කරන ජාතික මෙහෙයුමක්!”

රාජ්‍ය ආදායම් උත්පාදනය ශක්තිමත් කරමින් රටේ සංවර්ධනය වේගවත් කිරීමේ අරමුණින්, ජනාධිපති කාර්යාලයේ (RARMB) සංවිධානයෙන් “බදු ශක්ති 2026” ජාතික බදු සතිය අද (ජූලි 06) පස්වරුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ විය. ජූලි 10 වනදා දක්වා දිවයින පුරා මෙම විශේෂ දැනුවත් කිරීමේ සතිය ක්‍රියාත්මක වේ.

🛑 වැදගත්ම කරුණු කිහිපයක්:

  • ණය නැති රටක්: කිසිදු විදේශීය ණයකට යටත් නොවී, දේශීය අරමුදල් පමණක් යොදවමින් මහනුවර අධිවේගී මාර්ගයේ වැඩකටයුතු සහ කුරුණෑගල – ගලේවෙල මාර්ගයේ සංවර්ධන කටයුතු මේ වන විටත් අරඹා ඇත.
  • විනිවිදභාවය සහ මූල්‍ය විනය: ජනතාව ගෙවන බදු මුදල් හොරකමෙන්, දූෂණයෙන් සහ නාස්තියෙන් තොරව, ඉහළ මූල්‍ය විනයකින් යුතුව රටේ සුභසාධනයට (දිට්වා සුළි කුණාටු සහන, ජනාධිපති අරමුදල් සහ නිදහස් අධ්‍යාපන සහන) සෘජුවම යොදවනු ලබයි.
  • බදු බර අඩු කරමු: සියලු දෙනාම ස්වේච්ඡාවෙන් බදු ගෙවන සංස්කෘතියකට හුරු වීමෙන්, තනි පුද්ගලයෙකු මත පැටවෙන බදු බර විශාල වශයෙන් අඩු කරගත හැක.

🐝 “මී මැසි ජනපදයක් තනි මී මැස්සෙකුට හදන්න බෑ. දහස් ගණනක් එකතු වුණාමයි ඒ ශ්‍රේෂ්ඨ නිර්මාණය බිහි වෙන්නේ. රටක් හැදීමත් ඒ වගේ සාමුහික වැඩක්!”කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න

නීතියට බය නිසා නෙවෙයි, රටට තියෙන ආදරය නිසා, වගකීම් සහගත පුරවැසියන් ලෙස අපිත් අපේ යුතුකම ඉටු කරමු!

Share.
Leave A Reply