නීති ක්ෂේත්‍රයේ සහ විපක්ෂයේ දැඩි විරෝධය මැද, ශ්‍රේෂ්ඨාධිකරණ (65 සිට 67 දක්වා) සහ අභියාචනාධිකරණ (63 සිට 65 දක්වා) විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමට රජය පියවර ගනිමින් සිටී.

ජ්‍යෙෂ්ඨයන්ගේ සේවය රැක ගැනීම අරමුණ බව රජය කියද්දී, ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ඇතුළු පාර්ශව රැසක් පවසන්නේ මෙයින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ පහළ විනිසුරුවරුන්ගේ උසස්වීම්වලට බාධා එල්ල වන බවයි.

රටේ නීතියේ ස්වාධීනත්වය වෙනුවෙන් මේ අවස්ථාවේ සිදුවිය යුත්තේ කුමක්ද? ඔබේ අදහස කමෙන්ට් කරන්න. 👇

Share.
Leave A Reply