නාඩි ශාස්ත්‍රයෙන් සහ විශ්ව සංඛ්‍යාතයෙන් රෝග හඳුනාගන්නා කපුරුනාථ වෙද පරපුරේ නවතම හෙළිදරව්ව
දිනකට ලංකාවෙන් අලුතින් පිළිකා රෝගීන් 100 දෙනෙකු පමණ වාර්තා වන අතර ඉන් 40 දෙනෙකුම අකාලයේ දිවියෙන් සමුගන්නා නවතම වෛද්‍ය දත්ත සටහන් කළේ ය. මෙවන් වටපිටාවක, බටහිර වෛද්‍ය විද්‍යාවට පවා අභියෝගයක් වී ඇති පිළිකා ඇතුළු මාරාන්තික රෝග රැසක් නිට්ටාවටම සුව කළ හැකි ප්‍රබල ප්‍රතිකාර ක්‍රමවේදයක් පිළිබඳව කපුරුනාථ වෙද පරපුරේ දේශීය වෛද්‍ය සංජීව අල්විස් මහතා සුවිශේෂී හෙළිදරව්වක් සිදු කළේ ය.
දේශීය වෛද්‍ය සංජීව අල්විස් මහතා පවසන පරිදි පාරම්පරික දේශීය වෙදකම තුළින් පමණක් විවිධ වර්ගයේ පිළිකා රෝග 4,448 ක් හඳුනාගෙන ඇත. මෙය වසර දහස් ගණනක අත්දැකීම්, දීර්ඝ කාලීන පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන ඔස්සේ තහවුරු කරගත්තකි. එමෙන්ම මේ සෑම පිළිකා තත්ත්වයක්ම නිට්ටාවටම සුව කිරීම සඳහා වූ අද්විතීය ඖෂධ රැසක් ද පාරම්පරික හෙළ වෙදකම සතු බව හෙතෙම අවධාරණය කළේ ය.
මෙම ප්‍රතිකාර ක්‍රමවේදයේ ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ කිසිදු බාහිර ස්කෑන් පරීක්ෂණයකින් තොරව, රෝගියාගේ නාඩි පරීක්ෂාවෙන් පමණක් ශරීරයේ පවතින ඕනෑම පිළිකා තත්ත්වයක් හෘදයේ පවතින අවහිරතා මෙන්ම මුත්‍රා සහ මල මාර්ග ආශ්‍රිත සියලුම රෝගී තත්ත්වයන් නිවැරදිව හඳුනා ගැනීමට හැකි වීමයි.
අපි කරන්නේ පරිසරයේ දහමට අනුගත වෙමින් ආගමික පදනම මත මන්ත්‍ර ගුරුකම් බලයත් විශ්වයේ පවතින සරල සංඛ්‍යාත මනෝභාවයන් සහ නාඩි ශාස්ත්‍රයත් මුසු කරගත් ප්‍රබල ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවේදයක්. මේ හරහා මිනිස් ශරීරයේ පිළිකාව තිබෙන නිවැරදිම ස්ථානය හඳුනාගෙන ප්‍රතිකාර කරන්නට හැකි බව කපුරුනාථ වෙද පරපුරේ දේශීය වෛද්‍ය සංජීව අල්විස් මහතා පැවසීය.

