වත්මන් ජාතික ජන බලවේග රජයේ නොහැකියාව සහ වැරදි වසා ගැනීමට නොහැකි වීම නිසා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මාධ්‍යවේදීන්ට පවා තර්ජනය කිරීමට පටන් ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

අද (01) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා සදහන් කළේ රජය මාෆියාකරුවන්ට යට වී ගොවීන්ට නිසි වී මිලක් ලබා නොදෙන බවයි. එමෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ, ඉන්ධන සහ විදුලි මිල ඉහළ යාම නිසා ජනතාව දැඩි ආර්ථික පීඩාවකට පත්ව ඇති අතර රට තුළ ඩෙංගු රෝගය පාලනය කිරීමටද රජය අපොහොසත් වී ඇති බව ඔහු පැවසීය. සෘජු විදේශ ආයෝජන ගෙන ඒමට රජයට දැනුමක් නොමැති බවත්, සජබ මන්ත්‍රීවරුන්ට චෝදනා කිරීමට පෙර ආණ්ඩුව තුළ සිටින දූෂණ හා බරපතළ චෝදනා ලත් පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් මරික්කාර් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Share.
Leave A Reply