අතුරුදන් වූ ‘IDAY-A- 0122KMN’ සෙවීමට දකුණු මුහුදේ දැවැන්ත මෙහෙයුමක් දියත් කළ බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ප්‍රකාශ කළේ ය.
30,000ක් මුහුදේ රැඳී සිටිද්දී තාක්ෂණය නොමැතිව අන්තරායට පත් වූ යාත්‍රාව සෙවීමට නාවික, ගුවන් සහ වෙළඳ නැව් ඒකාබද්ධ කර ගන්නා බවද ඔහු කීය.
පසුගිය ජූනි 19 වැනිදා මාතරින් මුහුදු ගිය, වත්මනෙහි අතුරුදන්ව ඇති ‘IDAY-A- 0122KMN’ බහුදින ධීවර යාත්‍රාව සහ එහි පිරිස සෙවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව සහ ජාත්‍යන්තර වෙළඳ නෞකා ඒකාබද්ධ කර ගනිමින් දකුණු මුහුදු කලාපයේ දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
සුසන්ත කහවත්ත මහතා ප්‍රකාශ කළේ, අදාළ යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්ව ඇති බවට සැක කරන නමුත්, එහි කිසිදු සන්නිවේදන හෝ යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් (VMS/AIS) නොතිබීම හේතුවෙන් ඔවුන් සිටින නිශ්චිත ස්ථානය හඳුනා ගැනීමට දැඩි බාධා එල්ල වී ඇති බවයි.
අතුරුදන් වූ ධීවරයින් සෙවීම සඳහා මේ වන විටත් මෙරට ආරක්ෂක අංශ සතු ඉහළම තාක්ෂණික සහ මෙහෙයුම් බලඇණි මුහුදට මුදා හැර තිබේ. අධ්යක්ෂ ජනරාල්වරයාට අනුව වත්මන් මෙහෙයුම් තත්ත්වය මෙසේය:
ලංකා ගුවන් හමුදාවට අයත් KA 360 සහ KA 350 විශේෂ නිරීක්ෂණ ගුවන් යානා මඟින් අහසේ සිට මුහුදු කලාපය පරීක්ෂා කෙරේ.නාවික හමුදාවේ P 485, P 410 වේගවත් ප්‍රහාරක යාත්‍රා සහ ‘සිඳුරළ’ නමැති දැවැන්ත ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව මේ සඳහා අනුයුක්ත කර ඇත.
කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සහ මෙහෙයුම් මධ්‍යස්ථානය (MRCC) මැදිහත් වී දකුණු මුහුදු තීරයේ ගමන් ගන්නා සියලුම දේශීය හා ජාත්‍යන්තර වාණිජ සහ වෙළඳ නෞකා වෙත පණිවිඩ නිකුත් කරමින් සහාය ඉල්ලා තිබේ.
මෙම අනතුරත් සමඟ ලංකාවේ ධීවර ක්ෂේත්රයේ පවතින සැබෑ අවදානම සහ පරිමාණය පිළිබඳව අධ්යක්ෂ ජනරාල්වරයා විසින් සංවේදී සංඛ්‍යා දත්ත කිහිපයක් අනාවරණය කළේය.
බහුදින ධීවර යාත්‍රා, 2,500 ත් 3,000 ත් අතර ප්‍රමාණයක්.කුඩා ධීවර යාත්‍රා: 10,000 කට ආසන්න ප්‍රමාණයක්.අවම වශයෙන් ධීවරයින් 30,000 කට ආසන්න පිරිසක් නිරන්තරයෙන්ම මුහුදේ රැඳී සිටි න බවද ඔහු කීය.
නොසැලකිල්ල ජීවිතවලින් වන්දි ගෙවයිඅධ්යක්ෂ ජනරාල්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක් කළේ ය.
මුහුදු යාමට පෙර පහත කොන්දේසි 100% ක් සපුරාලිය යුතු බවට ධීවර දෙපාර්තමේන්තුව නීතිමය වශයෙන් අවධාරණය කරන බවද ඔහු කීය.
සෑම යාත්‍රාවකම සන්නිවේදන උපකරණ සවි කර ඒවා ක්‍රියාකාරී මට්ටමේ තිබීම අනිවාර්ය වේ.ජීවිතාරක්ෂක ඇඳුම්: යාත්‍රාවේ සිටින සෑම අයෙකුම සෑම විටම ජීවිතාරක්ෂක කබා පැළඳ සිටිය යුතුය.පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව වගකීමෙන් යුතුව අවධානය යොමු කළ යුතුය.
තම ජීවිත හා දේපළ ආරක්ෂා කර ගනිමින්, නීතිගරුක හා වගකීම් සහගත ධීවර කර්මාන්තයක නිරත වන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සමස්ත ධීවර ප්‍රජාවගෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටියේ ය.

