මෙරට තරුණ ප්‍රජාවගේ දුනු විදීමේ (Archery) ක්‍රීඩා නිපුණතා ජාත්‍යන්තර මට්ටමට ඔප්නැංවීම සඳහා ජාතික යොවුන් සේනාංකය (NYC) සහ ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය (SLAA) අතර වසර 5ක විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.

මෙම හවුල්කාරිත්වය යටතේ දිවයින පුරා සිටින යෞවනයින් වෙනුවෙන් පූර්ණ ස්වේච්ඡා පදනමින්, නොමිලේ දුනු විදීමේ පුහුණු වැඩසටහන් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබේ. මෙහි සුවිශේෂී පියවරක් ලෙස, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ජාතික ඔලිම්පික් කමิตුවේ සහයෝග ඇතිව නුවරඑළිය ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානය, ලෝක දුනු විදීමේ සම්මේලනයේ (World Archery) ප්‍රමිතීන්ට අනුකූල “ජාතික ඉහළ කාර්යසාධන දුනු විදීමේ පුහුණු මධ්‍යස්ථානයක්” ලෙස සංවර්ධනය කිරීමට ද පියවර ගෙන ඇත.

මෙමඟින් ග්‍රාමීය හා නාගරික තරුණ තරුණියන්ට දුනු විදීමේ ක්‍රීඩාවෙන් ඔලිම්පික් ඇතුළු ජාත්‍යන්තර තලයේ ඉහළම ජයග්‍රහණ කරා යාමට ස්වර්ණමය අවස්ථාවක් උදාවනු ඇත.

Share.
Leave A Reply