දේශපාලන කරළිය උණුසුම් කරමින් සර්වජන බලය මූලස්ථානයෙන් විශේෂ ප්‍රකාශයක්!
දිවයිනේ නන්දෙසින් පැමිණි පළාත් පාලන මන්ත්‍රීවරුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ‘සර්වජන බලය‘ මූලස්ථානයේදී පැවැති විශේෂ හමුවේදී පක්ෂ නායක පා.ම. දිලිත් ජයවීර මහතා කළ ඓතිහාසික කතා ව මෙන්න
මහපොළවේ ජනතා බලවේගය: සර්වජන බලය යනු සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදුණු, ජනතාවගේ හදවතේ පක්ෂයයි.
විද්‍යාත්මක විසඳුම්: ලංකාවේ අන් කිසිදු පක්ෂයකට නොමැති, රටේ ආර්ථික හා සංස්කෘතික අර්බුදයන්ට අවශ්‍ය විද්‍යාත්මක විසඳුම් අප සතුයි.
නවකයන්ට විවෘතයි: පැරණි දේශපාලන ක්‍රමයෙන් මිදී, රට වෙනුවෙන් වැඩ කළ හැකි ඕනෑම පක්ෂයක සිටින දක්ෂයින්ට අප සමඟ එකතු විය හැකියි.
ලෝකයේ දියුණු රටවල් මෙන් ලංකාවත් ඉදිරියට: ගම, නගරය සහ මුළු මව්බිමම එක ලෙස සංවර්ධනය කර, ලාංකිකයන් වෙනුවෙන් “සතුටු දැයක්” නිර්මාණය කිරීමේ දැවැන්ත අභියෝගය අප භාර ගන්නවා!
පරණ දේශපාලනය ඉවරයි; දියුණු රටක් වගේ ඉස්සරහට යන්න ඕනෑම පක්ෂයක දක්ෂයන්ට අපේ දොර විවෘතයි – දිලිත් ජයවීර පළාත් පාලන මන්ත්‍රී හමුවේදී කියයි.
සාම්ප්‍රදායික දේශපාලන රටාවෙන් බැහැරව, රට සහ මව්බිම දිනවන නව ප්‍රායෝගික දේශපාලන දර්ශනයක් සහිතව ජනතා ජයග්‍රහණය වෙනුවෙන් ‘සර්වජන බලය‘ පක්ෂය පෙරමුණ ගන්නා බව එහි නායක, පා ර් ලි මේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව අවධාරණය කළේ සර්වජන බලය මූලස්ථානයේදී පැවැති දිවයිනේ නන්දෙසින් පැමිණි පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ දැවැන්ත හමුවක් අමතමිනි.
මෙම අවස්ථාව සඳහා විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ දේශපාලන ක්‍රියාකාරීන් විශාල පිරිසක් පක්ෂ මූලස්ථානය වෙත පැමිණ සර්වජන බලය බලවේගය වටා රොද බැඳ සිටීම විශේෂත්වයක් විය.
එහිදී මන්ත්‍රීවරුන් අමතමින් දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
“සර්වජන බලය කියන්නේ නිකම්ම පක්ෂයක් නෙවෙයි. මේක මහපොළවේ ජනතාවගේ හදවතින් බිහිවුණු සැබෑ ප්‍රායෝගික දේශපාලන බලවේගයක්. නිදහසින් පස්සේ මේ රටට ඇත්තටම අවශ්‍ය වෙලා තිබුණේ මෙන්න මේ වගේ ව්‍යවසායකත්ව දැක්මක් තියෙන ව්‍යාපාරයක්. ජනතා දේශපාලන පක්සයක්.
ලංකාවේ අනෙක් සාම්ප්‍රදායික පක්ෂවලට රටේ ආ ර ථික , සංස්කෘතික ප්‍රශ්න අඳුනගන්න බැරි වුණා. හැබැයි රටේ හැම ජාතියකටම, හැම ආගමකටම ගැලපෙන, රටේ ප්‍රශ්නවලට විද්‍යාත්මක විසඳුම් දිය හැකි පැහැදිලි දර්ශනයක් අප සතුව තියෙනවා.අප පක්ෂය සතුයි.
අලුත් විදිහකට හිතලා රට හදන්න පුළුවන්, දැනට වෙනත් ඒකාබද්ධ පක්ෂවල ඉන්න දක්ෂ ඕනෑම දක් හොර බොරු නැති පිරිසකට ස ර් ව ජන බලය පක්ෂයේ දොරටු විවෘතයි.
පරණ දේශපාලනයෙන් තොරව, ගමක්, නගරයක් පාසා මුළු රටම ලෝකයේ දියුණු රටවල් මෙන් ඉදිරියට ගෙන ගොස් ‘සතුටු දැයක්‘ නි ර් මා ණය කිරීමේ දැවැන්ත වගකීම සහ පොරොන්දුව අපි ජනතාව වෙනුවෙන් භාරගන්නවා.” යැයිද ජයවීර මහතා මෙහිදී පැවසීය.

