රජය විසින් සිදුකළ බාල ගල්අඟුරු ආනයනයේ පාඩුව පියවා ගැනීම සඳහා වත්මන් පාලනය විසින් ඉන්ධන මිල ඉහළ දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

බාල ගල්අඟුරු හේතුවෙන් විදුලිය උත්පාදනය කිරීමට දිනකට අමතරව තෙල් ලීටර් ලක්ෂ 7-8ක් දහනය කිරීමට සිදුව ඇති බවත් රජය ලෝකයේ වැඩිම මිලකට තෙල් මිලදී ගෙන එහි සමස්ත බර ජනතාව මත පටවා තිබෙන බවද ඔහු කීය.

කළින් මිල වැඩි කරද්දී කොමිස් ගැහුවා කිව්ව අය, අද තමන්ගේ නොහැකියාව සහ වංචා-දූෂණ වසා ගැනීමට ජනතාව පීඩාවට පත් කරනවා” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share.
Leave A Reply