සැලසුම්වලින් එහාට ගොස් ජනතාවට නිවසේ යතුර දෙන්න!” – බදුල්ල යළි නගාසිටුවීමට ජනපතිගෙන් ඩෙඩ්ලයින්එකක්.

මුදල් බාධාවක් කර නොගන්න, ජනතාවට බලාපොරොත්තුව දෙන්න – ජනපතිගෙන් නිලධාරීන්ට දැඩි නියෝග.

විපතට පත් බදුල්ලට ජනපතිගෙන් ජීවය: වගා බිම්වලට අක්කරයකට 25,000ක සහනයක් සහ හානි වූ මාර්ග 21ක් කඩිනම් කෙරේ.

බදුල්ලට නව හුස්මක් මෙන්න වාර්තාවලට සීමා නොවී ජනතාවට නිවාස ලබාදීම ජනපති අතට ගනී!  

 බදුල්ල යළි නගාසිටුවීමට ජනපතිගෙන් “ඩෙඩ්ලයින්” එකක්: “සැලසුම්වලින් එහාට ගොස් ජනතාවට නිවසේ යතුර දෙන්න!

දිට්වා සුළි කුණාටුවෙන් අඩපණ වූ බදුල්ල දිස්ත්‍රික්කයේ දසදහස් සංඛ්‍යාත ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ දැවැන්ත මෙහෙයුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ වේගවත් කෙරේ.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, “මුදල් බාධාවක් කර නොගෙන, වාර්තාවලින් ඔබ්බට ගොස් ජනතාවට ප්‍රායෝගිකව සහන සලසන ලෙසයි.”

සංඛ්‍යාලේඛන පවසන බිහිසුණු යථාර්ථය ගැනද ජනපති අවදාරණය කළේ ය.

දිස්ත්‍රික්කයේ සිදුව ඇති හානිය හුදෙක් ඉලක්කම්වලට වඩා ප්‍රබල මානුෂීය ඛේදවාචකයක් බව ජනාධිපතිවරයා හමුවේ තැබුණු දත්ත මඟින් තහවුරු විය:

පීඩාවට පත් මුළු පිරිස: 90,667ක් (පවුල් 26,517ක්).

සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස: 584ක් (වතු නිවාස 77ක් සහ ග්‍රාමීය නිවාස 507ක්).

ජීවත් වීමට අධි අවදානම් නිවාස: 2,850ක්.

නැවත පදිංචි කළ යුතු මුළු පවුල් සංඛ්‍යාව: 3,434කි.

ජනපතිගෙන් නිලධාරීන්ට දැඩි නියෝග: “ජුනි 15 අවසන් දිනයයි”

නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියේදී මතුව ඇති ඉඩම් ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී දැඩි ස්ථාවරයක සිටියේය.

විශේෂයෙන් පෞද්ගලික සමාගම් සන්තකයේ ඇති රජයේ ඉඩම් කඩිනමින් නිදහස් කරගන්නා ලෙසත්, නිවාස අහිමි වූවන්ට නව නිවසක හිමිකාරීත්වය පිළිබඳ බලාපොරොත්තුව තහවුරු කරන ලෙසත් උපදෙස් දුන්නේය.

තවද, ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් පසුවන ජනතාවට තීරණයක් ගැනීම සඳහා ජුනි මස 15 වනදා දක්වා උපරිම සහන කාලයක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා නිශ්චිත කාලසීමාවක් (Deadline) ප්‍රකාශ කළේය.

ගොවි ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට වන්දි දෙන්න යැයිද ජනපති කීය.

ආපදාවෙන් විනාශ වූ කුඹුරු සහ වගා ඉඩම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය සුවිශේෂී තීරණ කිහිපයක් ගෙන ඇත.

වගා බිම් පවිත්‍ර කිරීමට දීමනා දෙද්න ඇයි ප්‍රමාද ප්‍රමාද කරන්න උවමනාවක් නෑ  ගල් සහ වැලි ඉවත් කිරීම සඳහා අක්කරයකට රුපියල් 25,000 බැගින් ගෙවීමට තීරණය විය.

ප්‍රවාහන හා වෙළඳාම: හානි වූ RDA මාර්ග 21ම මේ වසර තුළ අවසන් කිරීමට නියෝග කෙරිණි.

ජීවනෝපාය අහිමි වූවන්ට, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ මියගිය පුද්ගලයන් වෙනුවෙන් වන්දි ගෙවීමේ ප්‍රගතිය ජනාධිපතිවරයා විසින් පෞද්ගලිකවම විමසා බලන ලදී.

මුදල් ප්‍රශ්නයක් කර නොගන්න!

මෙම සියලු කටයුතු සඳහා රජය ප්‍රතිපාදන වෙන් කිරීමට සූදානම් බවත්, කිසිදු නිලධාරියෙකු මුදල් නොමැති බව පවසමින් සහන සේවා ප්‍රමාද නොකළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු මහජන නියෝජිතයන් සහ ඉහළ පෙළේ ආරක්ෂක හා සිවිල් නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.

Share.
Leave A Reply