රටේ බලශක්ති ක්ෂේත්‍රය හසුරුවන ගල් අඟුරු මාෆියාවසහ බලධාරීන්ගේ නොහැකියාව හේතුවෙන් ඉදිරි මාසය තුළ විදුලි බිල යළිත් 18% කින් ඉහළ දැමීමේ සූදානමක් පවතින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ සුජීව සේනසිංහ මහතා පැවසීය.

ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් දත්ත වාර්තා සංඛ්‍යා පදනම් කරගෙන විද්‍යාමක අදහසක් හෙතෙම මාධ්‍යවෙත කියා සිටියේ ය. ආනයනය කරන ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර නිසා 30%ක මහා පරිමාණ පාඩුවක් ඇති බවද ඔහු කීය.

පුනර්ජනනීය බලශක්ති සමාගම් 390කට රුපියල් බිලියන 12ක් රජය මෙතෙක් ගෙවා නැති බවද හෙතෙම කීය.

ආර්ථික මර උගුල ගැනද හෙතම කරුණු කීය. රටේ ආර්ථිකය වසර 10ක් ආපස්සට ගොස් අවසාන යැයිද ඔහු ප්‍රකාශ කළේ ය.

පාලකයන්ගේ අදක්ෂතාවයේ වන්දිය ජනතාවට ගෙවන්න වෙලා යැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.

කර්මාන්තකරුවන් රට හැර යද්දී, පුනර්ජනනීය බලශක්ති සමාගම්වලට ගෙවිය යුතු බිලියන 12ක මුදල රජය පැහැර හැර ඇති බවද ඔහු කීය.

සැලසුම් නැති පාලනය රට අඳුරට දක්කයි: විදුලි බිලට තවත් පහරක්ගසන ලකුණු

රජයේ දුර්වල මූල්‍ය කළමනාකරණය සහ ඉන්ධන ක්ෂේත්‍රයේ සිදුවන මහා පරිමාණ වංචා හේතුවෙන් මෙරට නිෂ්පාදන ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමේ අවදානමකට ලක්ව ඇති බව සමගි ජන බලවේගයේ හිටපු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පවතින ගල් අඟුරු මාෆියාවහේතුවෙන් ජනතාවට ගෙවීමට සිදුව ඇත්තේ ප්‍රමිතියෙන් තොර ඉන්ධන සඳහා වන අධික පිරිවැයක් බවයි. මේ තත්ත්වය මත ඉදිරි දින 30 තුළ විදුලි ගාස්තු 18%කින් ඉහළ යාම වැළැක්විය නොහැකි බවත්, එය රටේ කර්මාන්ත පද්ධතිය මුළුමනින්ම අඩාල කරන “මරණීය පහරක්” වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

සැලසුම් නොමැති කම නිසා ලබන මාසයේ විදුලි බිල 18% කින් ඉහළ දැමීමේ අවදානමක්. ගල් අඟුරු වංචාවෙන් රටට 30% ක පාඩුවක් සිදුව ඇති බව සුජීව සේනසිංහ මහතා අනාවරණය කළේ ය.

Share.
Leave A Reply