කැකිරාව කිරිමැටියාව වැවේ ඔරු පැදීමට ගිය පිරිසකගේ ඔරුව පෙරළී තරුණයෙක් දියේ ගිලී මියයයි.
මීගමුව සහ අත්තිඩිය වැටලීම්: අයිස් මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවන් දැලේ.
මාර්ග අනතුරු දෙකකින් ත්‍රිරෝද රථ මගීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට – යටියන්තොට සහ කෑගල්ලෙන් වාර්තා වේ.
යකඩ පොලු පහරින් ඇඹිලිපිටියේදී දිවි තොර වෙයි.
දින දෙකක් අතුරුදන්ව සිටි පුද්ගලයා කුඹුරක මියගොස් සිටියදී හමුවේ.
කිරිමැටියාව වැවේ ඔරු සවාරිය මාරක අනතුරකින් කෙළවර වෙයි.
අයිස් ග්‍රෑම් 76ක් සමඟ දෙහිවල තරුණයෙක් අත්අඩංගුවට.
නැවතූ ලොරියක ත්‍රිරෝද රථය වැදී කෑගල්ලේදී මාරක අනතුරක්.
සින්නවත්ත කුඹුරු ඉඩමක තිබී හමුවූ මළසිරුර: වෙල්ලාවලී පොලිසිය අභිරහස හඹා යයි.
බෝතල් සිය ගණනක මත්පැන් සහ පෙරීමට තිබූ ‘තොඩා’ තොගයක් මීගමුවේදී කොටු වෙයි.
ත්‍රිරෝද රථයක් බසයක ගැටී 59 හැවිරිදි රියදුරු මියයයි: 14 හැවිරිදි දරුවා රෝහලේ.
පැය 24ක් තුළ මාරක රිය අනතුරු දෙකක්: ත්‍රිරෝද රථ රියදුරන් සහ මගීන් පරෙස්සම් වන්න.
අමනාපකම් ඝාතනයකින් කෙළවර වූ ඇඹිලිපිටියේ අවාසනාවන්ත පුවත.
@@මනුෂ්‍ය ඝාතනයක් – ඇඹිලිපිටිය පොලිස් වසම.
2026.05.10 දින අළුයම ඇඹිලිපිටිය පොලිස් වසමේ කොඩිකන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු මොට ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු අවුරුදු 52 ක් වූ කොඩිකන්ද, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු හා තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් යකඩ පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනදී අනාවරණය වී ඇත.සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇඹිලිපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
@ සැක කටයුතු මරණයක් – වෙල්ලාවලී පොලිස් වසම.
2026.05.10 දින වලව වෙල්ලාවලී පොලිස් වසමේ සින්නවත්ත ප්‍රදේශයේ කුඹුරු ඉඩමක් තුළ පුද්ගලයෙකු සැක කටයුතු ලෙස මියගොස් සිටින බවට වෙල්ලාවලී පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු අවුරුදු 53 ක් වූ සින්නවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මරණකරු 2026.05.08 දින සිට අතුරුදන් වී සිටි පුද්ගලයෙකු බවට දැනට සිදු කරන ලද විමර්ශනදී අනාවරණය වී ඇත.වෙල්ලාවලී පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
@@වැවේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට – කැකිරාව පොලිස් වසම.
2026.05.10 දින අළුයම කැකිරාව පොලිස් වසමේ කිරිමැටියාව ප්‍රදේශයේදී කිරිමැටියාව වැවේ ගිලී පුද්ගලයෙකු මියගොස් ඇති බවට කැකිරාව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු අවුරුදු 28 ක් වූ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය පුද්ගලයා තවත් පුද්ගලයින් පස් දෙනෙකු සමඟ කිරිමැටියාව වැවේ ඔරු පැදීමට ගොස් ඔරුව පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනදී අනාවරණය වී ඇත. කැකිරාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
@ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුර.
2026.05.10 දින වලව ගල්කිස්ස පොලිස් වසමේ අත්තිඩිය, කහවිට ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 76 මිලිග්‍රෑම් 100 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.සැකකරු අවුරුදු 29 ක් වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
@@නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය.
2026.05.10 දින දහවල් මීගමුව පොලිස් වසමේ දළුපොත ප්‍රදේශයේදී මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පැන් ලීටර් 75 ක් (බෝතල් 100) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මීගමුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
සැකකරු අවුරුදු 50 ක් වන දළුපොත, මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මීගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
@@@ නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – මීගමුව දිස්ත්‍රික් (1) වැටලීම් කණ්ඩායම.
2026.05.10 දින රාත්‍රී මීගමුව පොලිස් වසමේ කට්ටුව ප්‍රදේශයේදී මීගමුව දිස්ත්‍රික් (1) වැටලීම් කණ්ඩායමේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පැන් ලීටර් 135 ක් (බෝතල් 180) හා නීති විරෝධී මත්පැන් පෙරීමට තැන්නා තොඩා ලීටර් 180 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මීගමුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. සැකකරු අවුරුදු 57 ක් වන කට්ටුව, මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මීගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
@@@ත්‍රිරෝද රථයක් බස් රථයක ගැටී ත්‍රිරෝද රථ රියදුරු ජීවිතක්ෂයට – යටියන්තොට පොලිස් වසම.
2026.05.10 දින උදෑසන යටියන්තොට පොලිස් වසමේ හැටන් කොළඹ මාර්ගයේ කබුලුමුල්ල ප්‍රදේශයේදී කරවනැල්ල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු හා එහි ගමන් කළ වයස අවුරුදු 14 ක පිරිමි දරුවෙකු කරවනැල්ල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ත්‍රිරෝද රථයේ රියදුරු මියගොස් ඇත.
මරණකරු අවුරුදු 59 ක් වූ පරුවස්වැල්ල, යටියන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර යටියන්තොට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
@@ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටී ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට – කෑගල්ල පොලිස් වසම.
2026.05.10 දින දහවල් කෑගල්ල පොලිස් වසමේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ බල්ලපාන ප්‍රදේශයේදී කොළඹ දෙසට මුහුණලා මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක පසුපසින් පැමිණි ත්‍රිරෝද රථයක් ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු හා පිටුපස ගමන් කළ පුද්ගලයෙකු කෑගල්ල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු පිටුපස ගමන් කළ පුද්ගලයා මියගොස් ඇත.
මරණකරු අවුරුදු 59 ක් වූ පෙරගොඩ, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කෑගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

