ගොඩගැසුණු බිලියන 10ක සාපය: දේශීය බලශක්ති මෙහෙයුම අවසන් ගමන්!

ජනපතිතුමනි, තෙල් මාෆියාවට රිසිසේ ගෙවනවිට, දේශීය ව්‍යවසායකයා මියැදිය යුතුද?

බැංකු පද්ධතියම හෙල්ලුම් කවන බලශක්ති බෝම්බය මෙන්න!

බිලියන 10ක් හිරවීමෙන් දේශීය ව්‍යාපෘති 400ක් කඩා වැටේ – දහස් ගණනකගේ රැකියා අහිමිවීමේ රතු නිවේදනය!

යූනිට් එකට රුපියල් 100ක් ගෙවමින් රටේ සල්ලි කුණු කොල්ලයට විදේශිකයන්ට පූජා කරයි!

අඩු මිලට විදුලිය දුන් දේශීය ව්‍යවසායකයාට හිඟන්නෙකුට මෙන් සලකන ‘ජාතික පද්ධති මෙහෙයුම්කරුගේ’ අදූරදර්ශී පිළිවෙත මෙන්න.

බිලියන 10ක හිඟ මුදල් නිසා ව්‍යාපෘති 389ක් ඇනහිටීමේ අවදානමක: බැංකු පද්ධතියටත් බලපෑම්!

ශ්‍රී ලංකාවේ බලශක්ති ස්වෛරීභාවයේ කොන්ද පණ ගැන්වූ දේශීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය ජාතික පද්ධති මෙහෙයුම්කරු (NSO) විසින් ගෙවිය යුතු රුපියල් බිලියන 10ක දැවැන්ත හිඟ මුදල් හේතුවෙන් වර්තමානය වන විට මුළුමනින්ම කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇති බව පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින්ගේ සම්මේලනය (FRED) අනතුරු අඟවයි.

පසුගිය 2025 දෙසැම්බර් මාසයේ සිට ජාතික විදුලි බල පද්ධතියට සැපයූ විදුලිය වෙනුවෙන් කිසිදු ගෙවීමක් සිදු කර නොමැති අතර, මේ වන විට මාසිකව රුපියල් බිලියන 2.5ක හිඟ මුදල් එකතු වෙමින් පවතින බව එම සංගමය පෙන්වා දෙයි.

ඩීසල් මාෆියාවට ප්‍රමුඛතාව සමඟ රටපෙරට ද යන්න ඔවුහු ප්‍රශ්න කළහ.

නොකඩවා විදුලිය සැපයීම සඳහා මෙගාවොට් 100-150ක ධාරිතාවක් අධික පිරිවැයක් දරා ඩීසල් සහ දැවි තෙල් මගින් උත්පාදනය කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බව ද සංගමය අවදාරණය කළහ.

විශේෂයෙන්ම ඉරාන – ඇමරිකානු භූ දේශපාලනික අර්බුදය හමුවේ තෙල් මිල ඉහළ යාම නිසා තාප විදුලි ඒකකයක මිල රුපියල් 100 ඉක්මවා ගොස් ඇති බවත් මෙවැනි පසුබිමක, අඩු පිරිවැයකින් විදුලිය ලබා දෙන දේශීය ව්‍යවසායකයන්ට මුදල් නොගෙවා, විදේශීය සමාගම්වලින් මිලදී ගන්නා ඉන්ධන සඳහා ප්‍රමුඛතාව ලබා දීම දැඩි බරපතල තත්ත්වයක් බවද සංගමය ප්‍රකාශ කළේ ය.

සත්තකින්ම අර්බුදයේ ස්වභාවය දත්ත ඇසුරින් සංගමය කරුණු සහිතව අදහස් දැකු වූහ.

මෙම මූල්‍ය අර්බුදය හේතුවෙන් දැනට පද්ධතියට මෙගාවොට් 1,000කට අධික ධාරිතාවක් සපයන පහත සඳහන් බලාගාර දැඩි අර්බුදයකට පත්ව ඇති බව ඔවුහු පැවසුහ.

පොළොව මත ස්ථාපිත සූර්ය බලශක්තිය: බලාගාර 134 (මෙ.වො. 314.3) ක් බවත්, සුළං බලශක්තිය: බලාගාර 20 (මෙ.වො. 267.5) කි. කුඩා ජල විදුලි බලාගාර: 221 (මෙ.වො. 434.6) ක් වන අතර ජෛව ස්කන්ධ (Dendro): බලාගාර 14 (මෙ.වො. 57.5) ක් පමණ වේ.

මාරාන්තික ප්‍රතිවිපාක් සම්බන්ධයෙන් ද අදහස් දැක් වූ ඔවුහු මෙසේ පැවසුහ.

FRED සංගමය පෙන්වා දෙන්නේ ක්ෂේත්‍රයේ රැඳී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ දේශීය ව්‍යවසායකයන් 400කට ආසන්න පිරිසක් මින් දැඩි පීඩාවට පත්ව සිටින බවයි.

මේ අනුව එහි ප්‍රතිඵල ලෙස බැංකු පද්ධතිය අනතුරේ යැයි ද ඔවුහු පැවසූහ. බලාගාර හිමියන්ට තම බැංකු ණය වාරික ගෙවීමට නොහැකි වීම නිසා මෙරට බැංකු පද්ධතිය තුළ අක්‍රීය ණය (NPLs) ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බවද ඔවුහු පැවසුහ.

රැකියා අහිමි වීමක් ගැන ද ඔවුහු පැවසුහ.

මේ නිසා ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන් සහ සාමාන්‍ය සේවකයන් දහස් ගණනකගේ මාසික වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.

මේ අතුර නඩත්තු ඇනහිටීම ද සිදු ඇති බව පවසන සංගමයේ බලධාරිහු අමතර කොටස් මිලදී ගැනීමට ප්‍රතිපාදන නොමැති වීමෙන් බලාගාර බිඳ වැටීම් (Breakdowns) ඉහළ ගොස් විදුලි අර්බුදය තවත් දරුණු විය හැකි බවද පැවසුහ.

රජයට කරන හදිසි බලකිරීම හා ඉලක්කයක් සම්බන්ධයෙන්ද කරුණු පැහැදිලි කළ සංගමය මෙසේ ද කරුණු දක්වනු ලැබීය.

මෙම විනාශය වැළැක්වීම සඳහා මහා භාණ්ඩාගාරය වහා මැදිහත් වී රුපියල් බිලියන 10ක ප්‍රතිපාදනයක් ලබා දිය යුතු බවත්, තාප බලාගාරවලට ගෙවන ප්‍රමුඛතාවයෙන්ම පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයන්ට ද ගෙවීම් සිදු කරන ලෙසත් අමාත්‍ය මණ්ඩල නියෝගයක් නිකුත් කරන ලෙස දේශීය ව්‍යවසායකයෝ ජනපති අනුර කුමාර දිසානයක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.

Share.
Leave A Reply