කොළඹ: වත්මන් රජය රාජ්‍ය බලය අවභාවිත කරමින් මහා පරිමාණ මූල්‍ය වංචාවල නිරත වන බවට සමගි ජන බලවේගයේ තෙල්දෙණිය ආසන සංවිධායක මහේෂ් සේනානායක මහතා චෝදනා කළේය.

මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5 ක් සහ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඩොලර් හයලක්ෂ විසිපන්දහසක් අතුරුදහන් වී මාස හතරක් ගතවුවද රජය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව ඔහු අනාවරණය කළේය. එමෙන්ම ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය හේතුවෙන් රටට සිදුවූ රුපියල් බිලියන 18 ක පාඩුව හරහා ජනතාවට සහ රාජ්‍ය සේවකයන්ට හිමිවිය යුතු සහන අහිමි වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

රජය සිය දේශපාලන ක්‍රියාකාරීන් (කාඩර්වරුන්) රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවලට පත් කරමින් වෘත්තීය රාජ්‍ය සේවකයන්ට බලපෑම් කරන බවත්, අත්දැකීම් රහිත පිරිස් ගන්නා තීන්දු නිසා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම කඩා වැටෙමින් පවතින බවත් සේනානායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

Share.
Leave A Reply