අටමස්ථානාධිපති හිමි අත්අඩංගුවට නොගැනීම ගැනත් දැඩි කතාබහක්
මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති භාණ්ඩාගාර අධ්‍යක්ෂවරයාගේ හදිසි මරණය පිළිබඳ පරීක්ෂණ සඳහා අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) තාක්ෂණික සහාය ලබාගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.
මියගිය අධ්‍යක්ෂවරයා සතුව තිබූ බව කියන රජයේ අතිසංවේදී මූල්‍ය දත්ත සහ ඔහු ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ රහස්‍ය වාර්තා කිහිපයක් හේතුවෙන් මෙම මරණය ඝාතනයක්ද යන සැකය දැඩි වී තිබේ. විශේෂයෙන්ම ඔහුගේ ජංගම දුරකථන සහ පරිගණක දත්ත විශ්ලේෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ විද්‍යාත්මක සහායක් ලබාගැනීමේ අවශ්‍යතාව පරීක්ෂණ කණ්ඩායම් පෙන්වා දී ඇත.
මේ අතර, විවිධ චෝදනා එල්ල වී ඇති අටමස්ථානාධිපති හිමියන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන්ද සමාජය තුළ දැඩි විවේචන මතුවෙමින් පවතී. නීතිමය ප්‍රජාව පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් සාක්ෂි පවතිද්දීත්, ආගමික නායකයෙකු වීම යන කරුණ මත පරීක්ෂණ ප්‍රමාද කිරීම නීතියේ ආධිපත්‍යයට බාධාවක් බවයි.
කෙසේ වෙතත්, පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ සිදුවීම් සම්බන්ධයෙන් විධිමත් සාක්ෂි ගොනු කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවයි.

