අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඓතිහාසික කතරගම පුදබිම වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වූවාය.
තම සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රථමයෙන් ඓතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාරය වෙත පැමිණි අතර, එහිදී විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තාය.
අනතුරුව ඇය කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් අභියස පැවැති ආගමික වතාවත් සඳහා ද සහභාගී වූවාය.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය ඓතිහාසික විෂ්ණු කතරගම මහා දේවාලයේ පැවැති සන්ධ්‍යා පූජාවට සහභාගී වූ අතර, පසුව කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය වෙත ගොස් එහි විහාරාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කළාය.
වෙළඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ජයවර්ධන ,මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර,රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ තිළිණ මධුසංඛ,කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති එච්. එම්. හේරත්,වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල,මෙම ආගමික සංචාරය පුරාවට ප්‍රදේශවාසීන් සහ බැතිමතුන් විශාල පිරිසක් ද අග්‍රාමාත්‍යවරිය දැකබලා ගැනීම සඳහා එක්ව සිටියහ.

