වැඩකරන ජනතාවට පාර්ලිමේන්තුවේ අසුනක් ඉල්ලයි! බදු බරින් බැටකන කම්කරුවා වෙනුවෙන් සමගි සේවක සංගමයෙන් දැවැන්ත ප්‍රකාශනයක්!

කම්කරු අයිතීන් සුරැකීමේ නව සටන ඇරඹෙයි! දූෂණයට සහ අසාධාරණ බදු ක්‍රමයට එරෙහිව වැඩකරන ජනතාව පෙරමුණට!

නිවාස සිහිනය සැබෑ කරමු – වෘත්තීය සමිති නියෝජනය පාලනාධිකාරියට! කම්කරු දිනයේදී සමගි සේවක සංගමයෙන් රටටම බලපාන යෝජනා මාලාවක්.  

වර්තමානයේ වැඩකරන ජනතාව මුහුණ දෙන දරුණු ආර්ථික පීඩනය හමුවේ, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා නව ප්‍රගතිශීලී අරගලයකට සූදානම් බව සමගි සේවක සංගමය ප්‍රකාශ කරයි.

මෙවර මැයි දින පණිවිඩයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කරන්නේ, හුදෙක් උත්සව පැවැත්වීමෙන් ඔබ්බට ගිය ප්‍රායෝගික විසඳුම් සහිත වැඩපිළිවෙළක අවශ්‍යතාවය රටට උදාවී ඇති බවයි.

කම්කරු ජනතාව බදු සහ උද්ධමන උගුලකඅධික බදු ප්‍රතිපත්තිය (විශේෂයෙන් PAYE බද්ද), ඉහළ යන ජීවන වියදම, විදුලි බිල, ඉන්ධන මිල සහ ආහාර උද්ධමනය හේතුවෙන් මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව එම සංගමය පෙන්වා දෙයි.

රටේ සංවර්ධනය වෙනුවෙන් කැපවන කම්කරුවාට අවසානයේ යහපත් ජීවන තත්ත්වයක් අහිමි වීම අසාධාරණ සහ තිරසාර නොවන ක්‍රියාවක් බව ඔවුන්ගේ මතයයි. 

වෘත්තීය සමිති නියෝජිතයෙකු පාර්ලිමේන්තුවටමෙම අර්බුදයට විසඳුම් ලෙස සමගි සේවක සංගමය විසින් ප්‍රබල යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

කම්කරුවන්ගේ සැබෑ ගැටලු ප්‍රතිපත්ති සම්පාදනයට සෘජුවම ඉදිරිපත් කිරීම සඳහා, අනාගත රජයක් යටතේ වෘත්තීය සමිති නියෝජිතයෙකුට පාර්ලිමේන්තු අසුනක් ලබාදිය යුතු බව ඔවුන් යෝජනා කරයි. 

ආයතනවල කළමනාකාරීත්ව ව්‍යුහයන් සහ පාලක මණ්ඩල සඳහා වෘත්තීය සමිති නියෝජිතයන් පත් කිරීම හරහා ඵලදායීතාව සහ සේවක සුභසාධනය ඉහළ නැංවිය හැකි බව ඔවුහු විශ්වාස කරති. 

දශක ගණනාවක් සේවය කළ ද තවමත් නිවසක් නොමැති දහස් සංඛ්‍යාත සේවකයන් වෙනුවෙන්, සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ ස්ථිර නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි. 

රාජ්‍ය සම්පත් සුරැකීම සහ මහජන බදු මුදල් අවභාවිතයට එරෙහිව සේවක ජනතාව පෙළගැස්වීම තම සංගමයේ ප්‍රධාන වගකීමක් බව නිවේදනයක් නිකුත් කරමින් සමගි සේවක සංගමය  සඳහන් කළේ ය.

දූෂණය සහ අක්‍රමිකතා හේතුවෙන් ජාතික ආර්ථිකය දුර්වල වී ඇති බැවින්, ජාතික සම්පත් ආරක්ෂා කරමින් ඵලදායී සංවර්ධනයකට යොමු කිරීම අත්‍යවශ්‍ය බව එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි. 

අයිතිවාසිකම් යනු නිකම්ම ලැබෙන දෙයක් නොව එය එකමුතුකම සහ සාමූහික අරගලය තුළින් දිනාගත යුත්තක් බව පවසන සමගි සේවක සංගමය, ඉදිරි මැතිවරණයේදී තම අයිතීන් වෙනුවෙන් ශක්තිමත්ව පෙනී සිටින ලෙස සමස්ත වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටී. 

සමගි සේවක සංගමය   සභාපති අශෝක් අබේසිංහ මහතා (පා.ම)   ප්‍රධාන ලේකම් සුභාෂ් රුවන්ත කරුණාරත්න මහතා   භාණ්ඩාගාරික නිරෝෂන් පාදුක්ක මහතා  යන මහත්වරු අද (28) නිකුත් කළ නිවේදනයක  මේ බව වැඩිදුරටත් සදහන් කර තිබේ.

Share.
Leave A Reply