කටානෙන් හෙරොයින් ග්‍රෑම් 52ක් සමඟ 31 හැවිරිදි තරුණයෙක් පොලිස් අත්අඩංගුවට වලාන ප්‍රහාරක ඒකකයෙන් මෙහෙයුම් දෙකක්: නීති විරෝධී මත්පැන් බෝතල් 200කට අධික තොගයක් සමඟ දෙදෙනෙක් මාට්ටු රට යන්න ආ ගමන දැදුරු ඔයෙන් කෙළවර වෙයි!

දිය නෑමට ගිය 52 හැවිරිදි පුද්ගලයා ගිලී මරුට වහලයට නැගීමට යද්දී ඉනිමඟින් ඇද වැටී 63 හැවිරිදි කාන්තාවකට අවාසනාවන්ත ඉරණමක්

පාදුක්කේ මඟ අයිනේ කාණුවකින් හමුවූ 62 හැවිරිදි පුද්ගලයාගේ අභිරහස් මරණය ගැන පුළුල් විමර්ශන!

පාලනයෙන් ගිලිහුණු යතුරුපැදිය කාණුවකට පෙරළෙයි: කුරුණෑගලදී පැදිකරුට අවාසනාවන්ත මරණයක්

සම්පුරණ පුවත්

01. ගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට – බණ්ඩාරගම පොලිස් ස්ථානය 2026.04.21 වන දින බණ්ඩාරගම පොලිස් නිලධාරීන් විසින් බද්දේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් වයස අවුරුදු 33 ක් වන එම ප්‍රදේශයේම පුද්ගලයෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා විමර්ශන ආරම්භ කර තිබුණි.සැකකරු නිවෙස් බිඳීමේ අපරාධ 05 ක් හා දේපල සොරකම් 02 කට සම්බන්ධ බවට අනාවරණය වී ඇත.ඔහුගෙන් ලද තොරතුරු මත රන් ආභරණ, රන් කාසි, යතුරු පැදියක්, පෞරාණික වටිනාකමින් යුතු විදේශීය කාසි සහ අත් ඔරලෝසුවක් ඇතුළු දේපල කොටසක් පොලිස් භාරයට ගෙන තිබේ.මෙම සොරාගත් දේපල ළඟ තබාගෙන සිටි වයස අවුරුදු 50 ක් වන අටළුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු 2026.04.26 දින මාරාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.බණ්ඩාරගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

02. හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – කටාන පොලිස් ස්ථානය 2026.04.26 දින රාත්‍රී කටාන පොලිස් නිලධාරීන් විසින් ජයබිම ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 52 මිලිග්‍රෑම් 200 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31 ක් වන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.කටාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

03. නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට – වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය 2026.04.26 දින සවස පිංවත්ත පොලිස් වසමේ පැරඩයිස්වත්ත සහ දිවුලපිටිය පොලිස් වසමේ දූනගහ යන ප්‍රදේශවලදී වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වැටලීම් දෙකක් සිදු කර ඇත.එහිදී නීති විරෝධී මත්පැන් ලීටර් 75 ක් (බෝතල් 100) සමඟ එක් සැකකරුවෙකු සහ නීති විරෝධී මත්පැන් ලීටර් 78.5 ක් (බෝතල් 105) සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.ඔවුන් අවුරුදු 45 සහ 48 වයස්වල පසුවන දූනගහ සහ පානදුර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

04. දැදුරු ඔයේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට – මහව පොලිස් වසම 2026.04.26 දින සවස මහව, බලගොල්ලාගම ප්‍රදේශයේදී දැදුරු ඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බවට මහව පොලිසියට පණිවිඩයක් ලැබී ඇත.මියගිය පුද්ගලයා වයස අවුරුදු 52 ක් වන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.ඔහු විදෙස්ගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපල වෙත යමින් සිටියදී දැදුරු ඔයේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.මහව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

05. හදිසි අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට – ලග්ගල පොලිස් වසම 2026.04.26 දින සවස ලග්ගල, රණමුරේගම ප්‍රදේශයේදී අනතුරකින් තුවාල ලැබූ කාන්තාවක් ලග්ගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 63 ක් වන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකාරියකි.ඇය ඉනිමගක් ආධාරයෙන් නිවසේ වහලයට නැගීමට යාමේදී ඉන් ඇද වැටීමෙන් මෙම මරණය සිදුව ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.ලග්ගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

06. සැකකටයුතු ලෙස පුද්ගලයෙකු මියයාම – පාදුක්ක පොලිස් වසම 2026.04.26 දින සවස පාදුක්ක, අංගම්පිටිය ප්‍රදේශයේදී රිය අනතුරකට ලක් වූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු මාර්ගයක කාණුවක් තුල වැටී සිටියදී පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.මරණකරු වයස අවුරුදු 62 ක් වූ අංගම්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.මෙය රිය අනතුරක් හේතුවෙන් සිදු වූවක් බවට සාක්ෂි හෝ තොරතුරු අනාවරණය වී නොමැති බැවින් මෙය සැකකටයුතු මරණයක් ලෙස සලකා පාදුක්ක පොලිසිය විමර්ශන සිදු කරයි.මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.පාදුක්ක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

07. යතුරු පැදි අනතුරකින් පැදිකරු ජීවිතක්ෂයට – කුරුණෑගල පොලිස් වසම 2026.04.26 දින සවස කුරුණෑගල, හෙරලියාවල අලකොළ දෙනිය අතුරු මාර්ගයේ මීගමුව-කුරුණෑගල ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය වූ යතුරු පැදියක් පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට වැටීමෙන් අනතුරක් සිදුව ඇත.තුවාල ලැබූ යතුරු පැදිකරු කුරුණෑගල රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ මියගොස් සිට ඇත.ඔහු වයස අවුරුදු 43 ක් වන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share.
Leave A Reply