පච නාලිකා මටත් අභියෝගයක් – ඒත් අභියෝග එන්නේ ජයගන්නයි!

අමාත්‍ය ලාල්කාන්තගෙන් සැර ප්‍රකාශයක්

බොරු ප්‍රචාරවලට නොරැවටී රජය කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවට ස්තූතියි”

උද්ඝෝෂණ කරවන්න හැදුවත් ජනතාව ඉවසීමෙන් උත්තර ලබාගත්තා !

ප්‍රශ්නවලට උත්තර තියෙනවා: අභියෝගවලට බය නෑ!

– අමාත්‍ය ලාල්කාන්ත

අමාත්‍ය ලාල්කාන්ත වන්දි ප්‍රදානයකදී කියයි!

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ නිවාස හිමියන් වෙනුවෙන් වන්දි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කළේ, වර්තමානයේ විවිධ අසත්‍ය ප්‍රචාර පතුරුවන මාධ්‍ය ජාල හේතුවෙන් තමන්ට ද දැඩි අභියෝග එල්ල වෙමින් පවතින බවයි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

අභියෝග කියන ඒවා ඕනෑම කෙනෙකුගේ ජීවිතයට එනවා. මේ කාලයේ මටත් එහෙමයි. විශේෂයෙන්ම ‘පචවාහිනිය’, ‘පච නාළිකා’ සහ ‘පච යූ ටියුබ්’ නාළිකා නිසා මට විශාල අභියෝග එල්ල වෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන අභියෝග කියන්නේ ජයගන්න තියෙන දේවල් කියලා. හැම ප්‍රශ්නයකටම උත්තර තියෙනවා. අද මේ කෙරෙන වන්දි ප්‍රදානය ඒකට හොඳම නිදර්ශනයක්.

රජය අපහසුතාවයට පත් කිරීම සඳහා විවිධ පාර්ශ්වයන් ජනතාව උසිගැන්වීමටත්, උද්ඝෝෂණ කරවීමටත් දැඩි උත්සාහයක නිරත වූ බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.

බොරු ප්‍රචාර ගෙනියන්න සෑහෙන්න උත්සාහ ගත්තා. නමුත් ජනතාව ඒ ප්‍රචාරවලට හසු නොවී රජය කෙරෙහි විශ්වාසය තැබුවා. සියලු දේවල් ඉවසගෙන, දරාගෙන, ඉක්මනින් විසඳුම් ලැබෙයි කියන අධිෂ්ඨානයෙන් ජනතාව කටයුතු කිරීම අගය කළ යුතුයි. ඒ විශ්වාසය තැබීම පිළිබඳව මම ජනතාවට ස්තූතිවන්ත වෙනවා.” යැයි ද අමාත්‍යවරයා පැවසීය.

Share.
Leave A Reply